LIVE
පුනර්ජනනීය බලශක්තිය ජාතික පද්ධතියට එකතු කර ගැනීමත් සමග ක්‍රමිකව විදුලි බිල අඩු කිරීමට හැකිවනු ඇතැයි බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.
එළඹෙන 2030 වසර වනවිට විදුලි බිල 30%කින් අඩු කිරීමට සහ 70%ක් පමණ පුනර්ජනනීය බලශක්තිය ජාතික පද්ධතියට එකතු කිරීමට බලාපොරොත්තු වන බවද බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.
ඉතාම වේගයෙන්ම යා හැකි තාක්ෂණය බැටරි තාක්ෂණය බැවින් එම තාක්ෂණය ගෙනැවිත් හැකි ඉක්මනින්ම දහවල් තිබෙන ජනනය රාත්‍රී කාලයට යොදා ගැනීමට සැලසුම් සකස් කර ඇති බවද සඳහන් කරයි.
සූර්යබල ශක්තියෙන් විශාල ප්‍රමාණයක් ජාතික පද්ධතියට එකතු වු විට එය රටට විශාල ජයග්‍රහණයක් බවත් එනිසා දහවල් කාලයේ විදුලි උත්පාදනයට යන වියදම අඩුකර ගැනීමට හැකි වු බවද සඳහන් කරයි.
