ගංවතුර තත්ත්වයක්.. ජනතාවට අනතුරු අඟවයි

පවතින අයහපත් කාලගුණය හමුවේ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව ඉදිරි පැය 24ක කාලය තුළ කළු ගඟ ද්‍රෝණිය ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම, ඇලපාත සහ කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ, මිල්ලනිය, බුලත්සිංහල, මදුරාවල හා පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කළු ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව සඳහන් කරයි.

මේ අතර මහවැලි ගඟ ද්‍රෝණියේ පස්බාගේ කෝරලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහවැලි ගඟ ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මහවැලි ගඟේ ඉහළ ධාරා ප්‍රදේශයට පසුගිය පැය කිහිපය තුළ ලැබුණු අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම අවදානම මතුව ඇති අතර එම ප්‍රදේශවල පදිංචි ජනතාවට සහ එම මාර්ග භාවිත කරන රියදුරන්ට මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසට දැනුම් දෙයි.

තවද, මහවැලි ගඟට ආසන්නව පදිංචි ජනතාවට ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel