එළඹෙන 2027 අයවැය ලේඛනයෙන් යම් බදු ප්රමාණයක් අඩු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුවට අද (31) දින එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,
“අයවැය යෝජනා හරහා ආදායමක් අපේක්ෂා කරනවා. සෑම විටම ඒ ආදායම තිබුණේ, අපේක්ෂා කරන ලද ආදායමෙන් සියයට 90ක් විතර වගේ තමයි ඇත්ත ආදායම ඉපෙව්වේ. සීයක් අපේක්ෂා කරාට අනුවක් වගේ තමයි උපයන්නේ.
එනිසා අයවැය ලේඛන හුදු කාර්ය පටිපාටියක් සඳහා පමණක් ඉදිරිපත් කරන ලේඛන බවට පත්වෙලා තියෙනවා. ඒ ලේඛන වල ඉලක්ක වලට ලගාවුණේ නෑ අපි. ඒ ලේඛන නිකන් කාර්යක් සඳහා විතරයි. නමුත් 2010 වසරේ අපේ ආදායම සියයට 110ක්.
අපේක්ෂා කරන ලද ආදායම අපි ඉක්මවා ගියා. එතකොට කට්ටිය කියනවා බදු ගහලා ආදායම් උපයන්න බැරිද කියලා. ඒගොල්ලන්ට අපි කියන්න කැමතියි, අපි බලය අරගෙන අලුත් කිසිදු බද්දක් ගැහුවේ නෑ. ගහලා තිබුණු බදු සැලකිය යුතු ප්රමාණයකින් අපි අඩු කරා.
එළඹෙන අයවැය ලේඛනයෙන් යම් බදු ප්රමාණයක් අඩු කරනවා. හැබැයි අපි ආදායම් ඉලක්කයට තර්ජනයක් එල්ල නොවෙන විදිහට.”
