උසස් පෙළ විභාග සමයේ විදුලි කප්පාදුව සම්බන්ධයෙන් දැනුම්දීමක්.!

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන්වලදී විදුලි කප්පාදුව සම්බන්ධයෙන් අද (10) මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශයක් සිදුකරයි.

මහජන උපයෝගිතා කොමිසම සභාපති ජනක රත්නායක සදහන් කළේ,

“විභාගය පැවැත්වෙන කාලය තුළදී විභාග කොමසාරිස්වරයාට කතා කරලා ඒ පිළිබඳ අපි ලිඛිත ඉල්ලීමක් ලබාගෙන ඒ අනුව අවශ්‍ය පියවර කිරීමට අවශ්‍ය කටයුතු දැනට සම්පාදනය කරගෙන ඉන්නවා. ඒ කටයුතුත් අපි අද ආරම්භ කරලා තිබෙන්නේ.

මම හිතන්නේ විභාගය කාලයේදී විදුලිය කැපීම එතරම් සාධාරණ වෙන්නේ නැති නිසා ඒ කාල සටහන අපි විභාග දෙපාර්මේන්තුවෙන් ඉල්ලගෙන කොහොමද විදුලිය නොකපා යන්නේ කියන ක්‍රමවේදයක් සකස් කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අවශ්‍ය ලියවිල්ල අපි දැනටමත් ඇරලා තියෙන්නේ විභාග කොමසාරිස් ජනරාල්වරයාට.”

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close