උග්‍ර විෂ සහිත පාන්පිටි වෙළෙඳපොලේ.. ශරීර ගතවීම මාරාන්තිකයි.!

සාමාන්‍ය ජනතාව එදිනෙදා භාවිතයට ගනු ලබන පාන්පිටි සදහා උග්‍ර විෂ සහිත කෘමිනාශක වර්ගයක් කලවම් කර නැවත සකසා අලෙවිකරණ ජාවාරමක් සම්බන්ධයෙන් කැකිරාව ප්‍රදේශයේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් සිදුකල වැටලීමකදී අනාවරණය විය.

එම හදිසි වැටලීමේදී මෙසේ විෂ සහිත පාන්පිටි තොගය සොයාගත් අතර එම ගබඩාව සම්පූර්ණයෙන්ම ආවරණය කර තිබූ බවද සදහන් කරයි.

එම කල් ඉකුත් වූ ගුල්ලන් සහ වෙනත් ක්‍රිමීන් ඇතුලත් භාවිතයෙන් ඉවත්කල පාන්පිටි තොග මතට කෘමිනාශක ඉස නැවත වියලා විශාල යන්ත්‍ර භාවිතයෙන් පිටි හැලීම සිදුකරන බව සිදුකල විමර්ශනයේදී හදුනාගෙන ඇත.

එම ක්‍රියාවලියෙන් පසු නැවතත් අලුත් උරවල බහා, වෙළෙඳපොළ වෙත එවන බවත් උත්සව සමයේ පවතින අධික පාන්පිටි ඉල්ලුම ඉලක්ක කරගනිමින් මෙම ජාවාරම සිදුකරන බවද වාර්තා වේ.

කෙසේවෙතත් හදිසි වැටලීමෙන් පසු එම ස්ථානය සීල් තබා ඇති අතර සේවයේ නියැලී සිටි කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close