තට්ටු 67කින් ඇද වැටුනු 15 හැවිරිදි යුවල අන්තරාදායක මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට සැකයක්.!

කොළඹ,කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක ඉහළ මහලකින් පහළට වැටී මියගිය පාසල් සිසුවා සහ සිසුවිය යම් භයානක මත්ද්‍රව්‍යක් භාවිතා කිරීමෙන් අනතුරුව මෙලෙස ගොඩනැගිල්ලෙන් ඇද වැටී හෝ බිමට පැන ඇති බවට සැක මතුව ඇති බව පොලීසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

මියගොස් ඇති යුවල 15 හැවිරිදි වියේ පසු වූ කොළඹ ජාත්‍යන්තර පාසැලක සිසුවෙක් සහ සිසුවියක් බව පැවසේ.

සුඛෝභෝගී මහල් නිවාස සංකීර්ණයේ 67 වන මහලේ රැඳී සිට ඇති මෙම පාසැල් සිසු යුවල යම් අන්තරාදායක මත්ද්‍රව්‍යක් භාවිතා කර ඇතිවූ තත්වයකින් පසුව මෙසේ ඇද වැටී හෝ බිමට පැන ඇති බවට සැක කළ හැකි සාක්ෂි කිහිපයක් හමුවී ඇති බව වාර්තා වේ.

ඒ අතර “ඩන්හිල්” වර්ගයේ දුම්වැටි පෙට්ටියක්, ලයිටරයක් සහ තවත් හඳුනා නොගත් මත්ද්‍රව්‍ය බවට සැක කළහැකි ද්‍රව්‍යක් හමුවී ඇත.

ඊයේ (02) පස්වරුවේ මෙම යුවල දෙදෙනා මෙලෙස නිවාස සංකීර්ණයෙන් පහළට වැටී ඇති අතර, මේ වනවිට මෘත ශරීර දෙක ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති බව පැවසේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close