පොලිස් සැරයන් පොලිස් කොස්තාපල් වරියගේ ATM කාඩ් එකට විදලා.!

පොලිස් මූලස්ථානය පැවසූවේ පොලිස් කොස්තාපල්වරියකුගේ බැංකු කාඩ්පතකින් ඉන්ධන ඇතුළු රුපියල් 15,150 ක භාණ්ඩ ලබාගත් මහනුවර පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පොලිස් මූලස්ථානය පැවසූවේ එසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කන්දේ නුවර පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයකු, කොස්තාපල්වරයකු, බහුකාර්ය සංවර්ධන සහකාරවරයකු, ලග්ගල පොලිසියට අනුයුක්ත බහුකාර්ය සංවර්ධන සහකාරවරයකු සහ රත්තොට ප්‍රාදේශීය සභාවේ විදුලි කාර්මිකයකු ද සිටිනා බවයි.

මාතලේ පොලිසියට අනුයුක්තව සේවය කරන කාන්තා පොලිස් කොස්තාපල්වරියක් ඉකුත් 24 රාත්‍රියේ මාතලේ වෙසක් කලාපය පැවති විහාර මාවතේ මාර්ගයේදී තම ATM කාඩ්පත අස්ථාන ගතවූ බවටත් එම කාඩ් පතින් රුපියල් 15,150 ක මිලදීගැනීම් සිදුකර ඇති බවටත් පැමිණිල්ලක් කළ බව පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් සිදුකළ පරීක්ෂණයේදී මාතලේ නගරයේ පෞද්ගලික ඉන්ධන පිරවුම්හලකින් සහ සමූපකාර ඉන්ධන පිරවුම්හලකින් ATM කාඩ්පත් භාවිත කර ඉන්ධන සහ මුදල් ලබාගත් කන්දේ නුවර පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරයා ඇතුළු සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close