LIVE
අද (27) දින උදෑසන බද්දේගම, හල්පෙතොට ප්‍රදේශයේ නිවසකට වෙඩි තැබීමක් සිදුකර ඇත.
මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් අදාළ වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මේ වනවිට රෝහල්ගත කර ඇති බවද පොලීසිය සඳහන් කරයි.
මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 2ක් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.
