ඇවන්ගාඩ් සමාගම ගැන රජය දැඩි තීරණයක් ගනී

LIVE

ඇවන්ගාඩ් සමාගම හේතුවෙන් රජයට සිදුවූ පාඩුව සොයන්න පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත.

නාවික හමුදාව සමග රක්නා ආරක්ෂක ලංකා සමාගම සිදුකරමින් සිටි මුහුදු ආරක්ෂණ සේවය සඳහා ඇවන්ගාඩ් සමාගම එක්කර ගැනීමට කටයුතු කිරීම සම්බන්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට කටයුතු කරන බව කෝප් කමිටුව සඳහන් කරයි.

එම මුහුදු ආරක්ෂණ කටයුතු සදහා ඇවන්ගාඩ් පෞද්ගලික සමාගම එක්කර ගැනීම මගින් රජයට විශාල මුදලක් අහිමි වී ඇති බව කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර සඳහන් කරයි.

මෙම සමාගම සම්බන්ධයෙන් තිබෙන සියලු ගිවිසුම් අහෝසි කිරීමට සහ ඒ හරහා රජයට සිදුවූ පාඩුව අයකර ගැනීමට ඇති හැකියාව මෙන්ම ඒ සඳහා සහයෝගය ලබාදුන් සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද සභාපති නිශාන්ත සමරවීර සඳහන් කරයි.

රක්නා ආරක්ෂක ලංකා සමාගමේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට පසුගියදා කැඳවා තිබූ අතර එහිදී සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මේ බව සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest