Local news

හරක් කටා සහ පද්මේ අතර ගැටුමට හේතුව මොකක්ද.?

හරක් කටා සහ පද්මේ අතර ගැටුමට හේතුව මොකක්ද.?

බන්ධනාගාරය තුළ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා සහ මන්දිනු පද්මසිරි හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’ අතර ගැටුමක් හටගෙන ඇත.

ඉන් තුවාල ලැබූ කෙහෙල්බද්දර පත්මේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

හරක් කටා සහ කෙහෙල්බද්දර පද්මේ අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

අදාළ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සහකාර බන්ධනාගාර අධිකාරීවරයකු පත්කර ඇති බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තුවාල ලැබු කෙහෙල්බද්දර පද්මේ මේ වන විට වැලිසර බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නව මහාධිකරණ විනිසුරුවරුන් පත් කෙරේ

නව මහාධිකරණ විනිසුරුවරුන් පත් කෙරේ

නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කර ඇත.

ඒ අනුව යාපනය දිසා විනිසුරු ලෙස සේවය කරන අධිකරණ සේවයේ විශේෂ පන්තියේ නිලධාරියෙකු වන පෙරුමාල් සිවකුමාර්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලෙස සේවය කරන අධිකරණ සේවයේ විශේෂ පන්තියේ නිලධාරිනියක වන ආනන්දි කනගරත්නම් සහ කොළඹ දිසා විනිසුරු ලෙස සේවය කරන අධිකරණ සේවයේ විශේෂ පන්තියේ නිලධාරියෙකු වන ඤාණේස ලලිත් කන්නන්ගර මෙසේ නව මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර ඇත.

ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (23) පෙරවරුවේ ඔවුන් වෙත භාරදෙන ලදී.

ගෝඨාගෝගම අරගල භූමියට පහරදීම.. දේශබන්දු සහ ජොන්ස්ටන්ට වැඩ වරදී

ගෝඨාගෝගම අරගල භූමියට පහරදීම.. දේශබන්දු සහ ජොන්ස්ටන්ට වැඩ වරදී

ගෝඨාගෝගම අරගල භූමියට පහරදුන් බව කියන සිද්ධියට අදාළ නඩුව විභාග කිරීමට මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලා නීතීපතිවරයා, අගවිනිසුරුවරයාට ලිපියක් යොමු කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් 20 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කරන අතර චෝදනා 328ක් යටතේ අධිචෝදනා ගොනු කෙරෙන බව නීතීපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගෝඨා ගෝ ගම අරගල භූමියට පහරදුන් බව කියන සිද්ධියේදී 56 දෙනෙකුට බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කෙරෙන බව නීතීපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගෝඨාගේ මිත්‍රයාට වෙච්ච දෙයක්.. අධිකරණයෙන් නියෝග

ගෝඨාගේ මිත්‍රයාට වෙච්ච දෙයක්.. අධිකරණයෙන් නියෝග

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්⁣ෂගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර අද (23) දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් ඇත.

අද (23) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සුගීෂ්වර බණ්ඩාර ඔක්තෝබර් මස (07) වැනිදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

නාමල්ට අද මොකද වෙන්නේ.?

නාමල්ට අද මොකද වෙන්නේ.?

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (23) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ, පවරා ඇති නඩුවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (23) දින දක්වා බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය (16) වැනිදා නියෝග කළේය.

ඒ අනුව ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවුයේ යැයි කියන අල්ලස් ලබාගැනීම සහ මුදල් විශුද්ධිකරණය යන සිදුවීම් වලට අදාළ නඩු දෙකම සඳහා මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

පැය 08ක් ජල සැපයුම අත්හිටුවයි

පැය 08ක් ජල සැපයුම අත්හිටුවයි

අද (23) දින අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට පැය 08ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව අද පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා ඉහළගම, කලාවැව, මරදන්කඩවල, තිරප්පනේ සහ කැකිරාව යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

කලාවැව ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවීම සිදුකරන බව එම මණ්ඩලය සඳහන් කරයි.

මේ හේතුවෙන් සිදුවන අපහසුතා මඟහරවා ගැනීම සඳහා අවශ්‍ය ජලය කල්තියා රැස්කර තබා ගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.

සලේ රැඳවුම් නියෝග භාවිතා කරමින් රෝහලේ සුපිරි සැපක් ගන්නවා

සලේ රැඳවුම් නියෝග භාවිතා කරමින් රෝහලේ සුපිරි සැපක් ගන්නවා

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව අධාර අනුබල හා කුමන්ත්‍රණය ඇතුළු චෝදනා මත රැඳවුම් නියෝග ලැබ ජාතික රෝහලේ රඳවා සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි සුරේෂ්⁣ සලේ ලබන (28) වනදා තෙක් ප්‍රතිකාර ලැබිය යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.

එම වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ මේ බව සඳහන් කළේය.

මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ, රැඳවුම් නියෝග භාවිත කරමින් සුරේෂ්⁣ සලේ රෝහලට වී සුපිරි සැපක් ගන්නා බවත් මේ දිනවල ඔහුගේ දත් වලට බෙහෙත් කරන බවයි.

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ,

“ස්වාමීනි., ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා රාජ්‍ය නිලධාරියෙකු බැවින් ඔහු වෙනුවෙන් පෙනී සිටින ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කරා. ඒ වෙනුවෙන් මා පෙනී සිටිනවා. නමුත් මා ගියවර ප්‍රකාශ කළා මේ වෛද්‍ය කුමන්ත්‍රණයක් බව. මා තවමත් ඒ ස්ථාවරයේ සිටිමින් මේ පෙනී සිටීම සිදු කරනවා.”

අධිකරණ නියෝගයක් තිබුණද, සුරේෂ්⁣ සලේ තවමත් ඔහුගේ ජංගම දුරකථනයේ සහ පරිඝණකයේ මුරපද විමර්ශන නිලධාරීන්ට ලබාදී නොමැති බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කරයි.

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ,

“ඔහු ඉන්නේ මේ මුර පද මතක නෑ කියන ස්ථාවරයේ. ජාතික බුද්ධි අංශ ප්‍රධානියකුට තිබිය යුතුම දෙයක් තමයි මතක ශක්තිය. එහෙම මතක ශක්තියක්වත් නැති පුද්ගලයෙක්. රුපියල් ලක්ෂ හතළිහක් රාජ්‍ය මුදල් උපයෝගී කරගෙන ඔහුට හදවතට උපකරණයක් සවි කරලා තියෙනවා.

දැන් ඔහු ඉන්නේ සාමාන්‍ය වාට්ටුවක. ඒ හතළිස් දෙවැනි වාට්ටුව. ඒ වාට්ටුවට දැම්මෙත් අපි මේ අධිකරණයට ඇවිත් පහුගියදා කරුණු වාර්තා කළාට පස්සේ. එතකන්ම හිටියේ දැඩි සත්කාර ඒකකය තුළ. දැන් ඔහුගේ දත්වලට තමයි බෙහෙත් කරන්නේ. ඔහුගේ දත් හදවත සමග සම්බන්ධයි කියලා තමයි වෛද්‍යවරුන් කියන්නේ.

රැඳවුම් නියෝග භාවිත කරලා “ඔහු සුපිරි සැපක්” ගන්නවා. නමුත් අපි බලනවා (28) වෙනිදයින් පස්සේ මොකක්ද ඊළඟට කරන්නේ කියලා. බලාපොරොත්තු වෙනවා (28) වෙනිදාට පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන ගිහින් සුපුරුදු පරිදි විමර්ශන සහ ප්‍රශ්න කිරීම් ආරම්භ කරන්න.”

ඉන්ධන මිල ගැන රජයෙන් තීරණයක්

ඉන්ධන මිල ගැන රජයෙන් තීරණයක්

මේ වනවිට ලෝක වෙළෙඳපොළේ ඉහළ යන තෙල් මිල හමුවේ මෙරට ඉන්ධන මිල ගණන් සංශෝධනය සම්බන්ධව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශයක් කරයි.

ඉහළ ගොස් ඇති ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් අනුව මෙරට ඉන්ධන මිලෙහි බර ජනතාව මත පැටවීමකින් තොරව සහනාධාරයක් ලබාදීමට රජය විසින් මේ වනවිට සාකච්ඡා කරමින් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

භාණ්ඩාගාරයේ මුදල් වලින් කොටසක් යොදවා ඉහළ යමින් පවතින ඉන්ධන මිල සඳහා සහනාධාරයක් ලබාදීමට රජය පියවර ගන්නා බවත් එම සහනාධාරය කොපමණද යන්න මෙතෙක් තීරණය කර නැති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,

“පෙබරවාරි (27) වනදා ඉදලා මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය උඩ ලෝක වෙළෙදපොළේ බොරතෙල්, පිරිපහදු තෙල් මිල විටින් විට ඉහළ ගියා. අපි ඒ අවස්තාවලදී එම සමස්ත බර ජනතාව මත පටවන්නේ නැතුව ඒකට සහනයක් ලබා දෙන්න විවිධ ක්‍රම අනුගමනය කරා.

එකක් තමයි ඇත්තටම තෙල් සංස්ථා, ඉන්දියානු තෙල් සමාගම ඇතුළු තෙල් ආනයනය කරන ආයතන මේකේ කොටසක් දරා ගත්තා. ඒ වගේම රජය මාස තුනකට රුපියල් බිලියන 57ක සහනයක් ලබා දුන්නා. ඒ තෙල් මිල ඒ තත්ත්වයෙන් පවත්වාගෙන යන්න. ඒ අනුව තමයි ඩීසල් රුපියල් 100කුත්, පෙට්‍රල් ලීටරයකට රුපියල් 20කුත් ලබාදුන්නේ.”

” දැන් යළිත් වටයකින් මේ තෙල් මිල වැඩිවීම පිළිබඳව අපි සලකා බලමින් ඉන්නවා. සමස්ත බරම ජනතාව මත පටවන්නේ නැතිව යම් සහනාධාරයක් රජයට ලබා දෙන්න පුළුවන්ද කියලා. ඒ වෙන මුකුත් නෙමෙයි භාණ්ඩාගාරයේ තිබෙන මුදල්වලින් කොටසක් මේ වෙනුවෙන් යොදවලා ඒ බර රජය අරගෙන ඉතුරු කොටස කළමනාකරණය කරගන්න.

ඒ මුදල කොතරම් ද කියලා රජයක් විදිහට තාම තීරණය කරලා නෑ. රජය හැමතිස්සෙම කල්පනා කරනවා මේ සමස්ත බර ලෝක වෙළෙඳපොලේ වැඩිවෙන ප්‍රමාණයම ජනතාව මත පටවනවා වෙනුවට යම් සහනයක් ජනතාවට භාණ්ඩාගාරයෙන් ජනතාවට ලබා දෙන්න පුළුවන්ද කියන එක. ඒක සියලු භාණ්ඩ හා සේවාවල මිල යම් මට්ටමක පවත්වා ගනිමින් කරගෙන යාමට උදව් උපකාර වේවි.” 

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කරයි.

මුදල් තැන්පත් කරන්න එපා.. ප්‍රසිද්ධ සමාගම් 6ක වත්කම් අත්හිටුවයි

මුදල් තැන්පත් කරන්න එපා.. ප්‍රසිද්ධ සමාගම් 6ක වත්කම් අත්හිටුවයි

මෙරට ලියාපදිංචි සමාගම් හයක වත්කම් අත්හිටවූ බව ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනය කරයි.

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 44 වැනි වගන්තිය යටතේ මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් මෙම නියෝග නිකුත් කර ඇත.

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන යටතේ මෙරට ක්‍රියාත්මක ආයතන හයක සහ ඒවායේ අධ්‍යක්ෂවරුන් සතු සියලු දේපළ හා වත්කම් පැවරීම, විකිණීම හෝ වෙනත් ආකාරයකින් ගනුදෙනු කිරීම වළක්වමින් වත්කම් අත්හිටුවීමේ (Freezing Orders) නියෝග නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මහ බැංකුවේ අත්හිටුවීමේ නියෝග කොළඹ මහාධිකරණය විසින් තහවුරු කර දීර්ඝ කර ඇත.

වත්කම් අත්හිටුවීමේ නියෝග ක්‍රියාත්මක සමාගම් වන්නේ,

1.කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගම,

2.සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගම,

3.සිංහ කැපිටල් ඉන්වෙස්මන්ට් ලිමිටඩ්

4.ප්‍රෝ ෂොප් ඇඩ්වර්ටයිසින් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම,

5.ඇතෙන්ස් ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් සෙන්ටර් පුද්ගලික සමාගම,

6.එයොන් ලංකා ඉන්වෙස්මන්ට් ඇන්ඩ් ෆිල්ම් ප්‍රඩක්ෂන් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම,

මෙහි මුල් සමාගම් දෙක සම්බන්ධයෙන් මුදල් ව්‍යාපාර පනතේ 42 වන වගන්තිය යටතේ මේ වන විට විමර්ශන ක්‍රියාත්මක වන අතර සෙසු සමාගම් 4 මුදල් ව්‍යාපාර පනත උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස මහජන තැන්පතු භාරගැනීම සහ මූල්‍ය ව්‍යාපාර පවත්වාගෙන ගොස් ඇති බවට මහ බැංකුව විසින් දැනටමත් තහවුරු කරගෙන ඇත.

තමන් මහන්සියෙන් උපයාගත් මුදල් තැන්පත් කළ යුත්තේ නීත්‍යනුකූලව බලයලත් මූල්‍ය ආයතනවල පමණක් බවත් අනවසර ආයතනවල මුදල් තැන්පත් කිරීමෙන් එම මුදල් සම්පූර්ණයෙන්ම අහිමිවීමේ බරපතළ අවදානමක් පවතින බවත් මහ බැංකුව මහජනතාවට දැඩි ලෙස අවධාරණය කරයි.

1988 අංක 30 දරන බැංකු පනත හෝ මුදල් ව්‍යාපාර පනත යටතේ මහ බැංකුවේ නිසි බලපත්‍රයක් හිමි ආයතන වලට පමණක් මහජනයාගෙන් තැන්පතු භාරගැනීමට නීතිමය අවසරය හිමිවන බව මහ බැංකුව සඳහන් කරයි.

යුක්තිය අඬක් ඉටුවේ.. පාස්කු මහ නඩුවේ අවසන් තීන්දුව

යුක්තිය අඬක් ඉටුවේ.. පාස්කු මහ නඩුවේ අවසන් තීන්දුව

2019 අප්‍රේල් (21) වනදා මේ රටේ අහිංසක මිනිසුන් 224 දෙනෙකුට ජීවිත අහිමි කළ, 584 දෙනෙකුගේ ලෙයින් මේ පොළොව තෙත් කළ තිරිසන් මිලේච්ඡ අපරාධය සැලසුම් කළ සියලු දෙනාම නීතිය හමුවේ නිර්වස්ත්‍ර කළ යුතුයි.

2019 මරාගෙන මැරෙන පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන් 15 දෙනකු වරදකරුවන් බවට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (22) තීන්දු කළේය.

කෙසේ වෙතත් ඊට අදාළව චෝදනා එල්ලව සිටි තවත් විත්තිකරුවන් 9 දෙනකු අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩු විභාගය පැවැත්වු අතර නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණේය.

අවසන් නිගමනය ප්‍රකාශයට පත්කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේ,

“සියලු සාක්ෂි සලකා බැලීමෙන් පසු විනිසුරුවරුන් තිදෙනාගේම ඒකමතික තීන්දුවක් ලෙස මෙම නිගමන වලට එළැඹ තිබෙනවා. ඒ අනුව මෙම නඩුවේ පළමු, දෙවන, තෙවන,සිව්වන, පස්වන, හයවන, හත්වන, අටවන, නවවන, දහවන, එකොළොස්වන, පහළොස්වන, දහසයවන, දාහත්වන සහ දහඅටවන විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබූ අධිචෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඉදිරිපත් කර ඇති බවට විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කරනු ලබනවා.

කෙසේ වෙතත් දොළොස්වන, දහතුන්වන, දාහතරවන, විසිවන, විසිඑක්වන, විසිදෙවන, විසි තුන්වන, විසි හතරවන සහ විසිපස්වන විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට අසමත් වී ඇති බැවින් ඔවුන් නිදොස්කොට නිදහස් කිරීමට තීන්දු කරනු ලබනවා.”

ඒ අනුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩු විභාගයේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සඳහා කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල ලබාදීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් 15 දෙනාට සිරදඬුවම් නියම කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මීට සුළු මොහොතකට පෙර නියෝග කළේය.

ඒ අනුව විත්තිකරුවන් 5 දෙනෙකුට වසර 200 බැගින්ද තවත් විත්තිකරුවන් 5 දෙනෙකුට වසර 220ක්ද, විත්තිකරුවන් 4 දෙනෙකුට වසර 240ක් සහ එක් විත්තිකරුවෙකුට වසර 260 බැගින් බරපතළ සිරදඬුවම් නියම කර ඇත.

පළමුවන විත්තිකරු හට වසර 220ක සිරදඬුවම් නියම කර ඇත.

දෙවන විත්තිකරු හට වසර 240ක සිරදඬුවම් නියම කර ඇත.

තුන්වන විත්තිකරු හට වසර 240ක සිරදඬුවම් නියම කර ඇත.

හතරවන විත්තිකරු හට වසර 240ක සිරදඬුවම් නියම කර ඇත.

පස්වන විත්තිකරු හට වසර 240ක සිරදඬුවම් නියම කර ඇත.

හයවන විත්තිකරු හට වසර 200ක සිරදඬුවම් නියම කර ඇත.

හත්වන විත්තිකරු හට වසර 200ක සිරදඬුවම් නියම කර ඇත.

අටවන විත්තිකරු හට වසර 260ක සිරදඬුවම් නියම කර ඇත.

නවවන විත්තිකරු හට වසර 220ක සිරදඬුවම් නියම කර ඇත.

දසවන විත්තිකරු හට වසර 220ක සිරදඬුවම් නියම කර ඇත.

එකලොස්වන විත්තිකරු හට වසර 200ක සිරදඬුවම් නියම කර ඇත.

පහලොස්වන විත්තිකරු හට වසර 200ක සිරදඬුවම් නියම කර ඇත.

දහසය වන විත්තිකරු හට වසර 220ක සිරදඬුවම් නියම කර ඇත.

දහඅට වන විත්තිකරු හට වසර 220ක සිරදඬුවම් නියම කර ඇත.

දහනමය වන විත්තිකරු හට වසර 200ක සිරදඬුවම් නියම කර ඇත.

තවද විත්තිකරුවන් සතු නිශ්චල හා චංචල දේපොළ රාජසන්තක කිරීමටද අධිකරණය නියෝග කර ඇත.

මේ අතර පාස්කු ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැරහැරීම සහ මිනීමැරීමට අනුබලදීමේ චෝදනා වලට වැරදිකරු කෙරුණු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු මරණ දඬුවම නියම කළේය.

තවද, 2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට අදාළව අනාවරණය වී ඇති පැහැදිලි සාක්ෂි සහ සාධාරණ සැකය මත රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තේය.

අත්අඩංගුවට ගැනීමෙන් පසුව සුරේෂ් සලේ දින 90ක රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ප්‍රශ්න කරනු ලැබූ අතර මේ වනවිට මෙම නඩුව අධිකරණයේ විභාග වෙමින් පවතී.

✕
⌃ News
📰 Free News Subscription?