Local news

මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමේ සැලැස්මක්

මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමේ සැලැස්මක්

පැහැදිළිවම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගුවන් යානයක යනවිට ඝාතනය කිරීම සඳහා සැලැස්මක් තිබුණු බවට එල්ටීටීඊ ත්‍රස්තවාදියෙක් ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,

“මේ පහුගිය කාලසීමාව තුළ එක්නැලිගොඩ නඩුව සම්බන්ධයෙන් හයිකෝට් එකේ අධිචෝදනා 725/2019 නඩුවේ එල්ටීටීඊ ත්‍රස්තවාදියා මොකක්ද කියන්නේ.

ඒ කාලේ පැහැදිළිවම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ගුවන් යානයක යනකොට කැබිනට් මණ්ඩල අමාත්‍යවරුන් එක්ක හෝ ඝාතනය කරන්න සැලැස්මක් තිබ්බා කියලා කියනවා.

ඒක කියනකොට ඉතින් ඔයාලට හිනා. මොකද ඔයාලට චුන් ඒක වුණා නම්. ඒක වෙනකම් නේ බලාගෙන හිටියේ. ඒක වෙනකම් බලන් ඉදලා තියෙන්නේ. ඒකට විරුද්ධව යම් ප්‍රකාශයක්, හඩක් නගපු ඥනසාර හාමුදුරුවරුන්ට ජනාධිපති සමාව දුන්නාම.

දැන් ජනාධිපති සමාව දීම පිළිබඳව ඔබ තමුන්නාන්සේලා නිර්වචනය කරනවා. කලින් ජනාධිපතිවරයා වරද්දලා දීලා තියෙනවා නම් දැන් හදන්න පුළුවන් නේ. ඇයි හදන්න බැරි.“

කාවන්තිස්ස ඇතාගේ මරණය.. පොලිස්පතිගෙන් නියෝගයක්

කාවන්තිස්ස ඇතාගේ මරණය.. පොලිස්පතිගෙන් නියෝගයක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් අඩවි වන නිලධාරී කාර්යාල කිහිපයක නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විමර්ශනයට දායක කරගත හැකි කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමුකර ඇති බව පොලීසිය සඳහන් කරයි.

වනජීවි නිලධාරීන් සහ ප්‍රදේශවාසින් ඇතුළු පිරිසකගෙන් ලබාගත් තොරතුරු මත කාවන්තිස්ස ආතාගේ ගමන් මග මේ වනවිට සිතියම්ගත කර ඇත.

කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන වාර්තාව ලබන (17) වැනිදාට පෙර ලබාදෙන ලෙස පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය නියෝග කර ඇත.

පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ, විමර්ශනයේදී අනාවරණය වන කරුණු අනුව නිරීක්ෂණ සහ නිර්දේශ සහිත වාර්තාවක් ⁣ලබාදෙන ලෙසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් හෝ ඉහළ ශ්‍රේණියේ නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ එම විමර්ශන ක්‍රියාත්මක කළ යුතු බවද නියෝගයේ සඳහන් වේ.

නාමල්ගේ ලේකම්.. මිලියන 11ක වාහනය.. ලක්ෂ අටක් වටිනා ඔරලෝසුව

නාමල්ගේ ලේකම්.. මිලියන 11ක වාහනය.. ලක්ෂ අටක් වටිනා ඔරලෝසුව

අපරාධයකින් උත්පාදිත දේපල සන්තකයේ තබාගැනීමේ චෝදනාවට අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මහින්ද රාජපක්ෂගේ හිටපු පෞද්ගලික ලේකම් සහ නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් වන සංජය සමරසිංහ ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (20) දින නියෝග කළේය.

ඒ අනුව, සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ අධිකරණය, ඔහුගේ විදේශ ගමන් ද තහනම් කළේය.

අධිකරණයේදී අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරියා සඳහන් කළේ,

“ස්වාමීනි., පසුගිය සිකුරාදා රාත්‍රී දහයට පමණ සැකකරුගේ නිවස පරීක්ෂා කළා. අනතුරුව නිවසේ තිබූ එම සේප්පුව විවෘත කරන ලෙසට සැකකරුට දැනුම් දුන්නද, වසර පහකට පමණ පෙර වසා දැමූ සේප්පුවේ රහස් අංක මතක නෑ කියලා සැකකරු කිව්වා.

පසුව සැකකරුද, අදාළ සේප්පුවද අත්අඩංගුවට ගත්තා. සේප්පුව අල්ලස් කොමිසමට රැගෙන එමෙන් පසුව සැකකරු ඉදිරියේම කාර්මිකයෙකු ලවා විවෘත කළා. එහි රුපියල් දහඅට ලක්ෂ පන්දහසක මුදලක් තිබ්බා. රත්තරන් යැයි සිතිය හැකි පා සළඹ අටක්, ලක්ෂ අටක් පමණ වටිනා අත් ඔරලෝසුවක් තිබුණා.

සැකකරුගෙන් අදාළ මුදල් පිළිබඳ ප්‍රශ්න කිරීමේදී පැවසුවේ, වසර එකහමාරකට පෙර වාහනයක් විකුණා රුපියල් ලක්ෂ පහළොවක මුදලක් සේප්පුවේ දැමූ බවයි. රුපියල් තුන්ලක්ෂ පනස්‌ දහසක මුදලක් ඔහුගේ මවගේ සහ පියාගේ බව ප්‍රකාශ කළා. නමුත් මේ සැකකරු සිදුකළ ප්‍රකාශවල පරස්පරතා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතින්නේ. සැකකරු ඇප මත මුදා හැරීම විමර්ශනයට බාධාවක් විය හැකියි. එම නිසා සැකකරු විමර්ශන අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටිනවා.”

අනතුරුව සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් සඳහන් කළේ,

“මගේ සේවාදායකයා කුඩු, ගංජා හෙරොයින් ජාවාරම්කාරයෙක් කියා නෙවෙයි පරීක්ෂා කළේ. ඔහු අත්අඩංගුවට ගත්තේ ඔහු නාමල් රාජපක්ෂගේ ලේකම් වීම හේතුවෙන්. රාත්‍රී දහයට තමයි විමර්ශන නිලධාරීන් මගේ සේවාදායකයාගේ ගෙදරට ගියේ. සෝදිසි වරෙන්තුවක් පෙන්නලා පාන්දර 04 පමණ වෙනකන් ගේ පරීක්ෂා කරලා.

නමුත් මුකුත් හොයාගන්න බැරිවෙලා. ඒ හින්දා සේප්පුව අත්අඩංගුවට ගත්තා. මගේ සේවාදායකයා ලබා දුන්න ප්‍රකාශයේ පරස්පරතා තියෙන්න පුළුවන්. ඔහුට මතක නෑ කාලෙකට කලින් විකුණුව වාහනේ විකුණු දවස්. නමුත් ඔහු පසුව ගෙදර ගිහිල්ලා ලේඛන පරීක්ෂා කරලා නිවැරදි ප්‍රකාශ අල්ලස් කොමිසමට ලබා දීලා තියෙනවා.

විකුණු වාහනය මිලියන 11ක් පමණ වටිනවා. වාහනය මිලියන හතක මුදලට විකුණලා එම මුදලින් ලක්ෂ පහළොවක් ඔය සේප්පුවේ දැම්මා. අත් ඔරලෝසුව ඔහුගේ පැරණි පෙම්වතිය ලබා දුන්න ඉතා වටින එකක්. ස්වාමීනි., ඕනෑම විමර්ශනයකට සහාය දෙන්න මගේ සේවාදායකයා සූදානම්. සුදුසු කොන්දේසියක් යටතේ සැකකරු ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටිනවා.”

කරුණු සලකා බැලු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදාහැරීමට නියෝග කළේය.

නඩුව දෙසැම්බර් (18) දින යළි කැඳවීමට නියමිතය.

මොරටුවේ වෙඩි තැබීමක්

මොරටුවේ වෙඩි තැබීමක්

අද (20) දින රාත්‍රීයේ මෝටර් රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් හෝටල් හිමිකරුවෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුකර ඇත.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ හෝටල් හිමිකරු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

එම වෙඩික්කරුවන් අදාළ මෝටර් රථය වෙනත් ස්ථානය දමා පලා ගොස් ඇති බව සඳහන් වේ.

රටම එකට ජාතික මෙහෙයුම.. සැකකරුවන් ලක්ෂ තුනක් අත්අඩංගුවට

රටම එකට ජාතික මෙහෙයුම.. සැකකරුවන් ලක්ෂ තුනක් අත්අඩංගුවට

“රටම එකට” ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කළ කාලසීමාව තුළ මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකර සැකකරුවන් 302,218 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

පසුගිය 2025 ඔක්තෝබර් (30) වැනිදා සිට 2026 ඔක්තෝබර් (18) වැනිද‍ා දක්වා කාලය තුළ හෙරොයින් වැටලීම් 97,074ක් සිදුකර හෙරොයින් කිලෝග්‍රෑම් 2,485.1ක් අත්අඩංගුවට ගෙන ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.

අයිස් මත්ද්‍රව්‍ය වැටලීම් 18,710ක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3,032.07ක් අත්අඩංගුවට ගෙන ඇති අතර කොකේන් වැටලීම් 261කින් කොකේන් කිලෝග්‍රෑම් 297.1ක් ද, ගංජා වැටලීම් 65,765කින් ගංජා කිලෝග්‍රෑම් 11,146ක් සහ ගංජා පැළ මිලියන 16.7ක් ද අත්අඩංගුවට ගෙන ඇත.

තවද කුෂ් මත්ද්‍රව්‍ය වැටලීම් 21,323කින් කුෂ් කිලෝග්‍රෑම් 1,723ක්, හෂීස් කිලෝග්‍රෑම් 416ක් සහ මත් පෙති මිලියන 4.5ක් ඇතුළු මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.

මෙම මෙහෙයුම යටතේ නීතිවිරෝධී වත්කම් සම්බන්ධයෙන් සැකකරුවන් 449 දෙනෙකුට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇති අතර සැකකරුවන් 3,749 දෙනෙකුට එරෙහිව රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇති සැකකරුවන් සංඛ්‍යාව 2,580කි.

2026 ජනවාරි (01) වැනිදා සිට ඔක්තෝබර් (16) වැනිද‍ා දක්වා කාලය තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 1,469ක්, ගංජා කිලෝග්‍රෑම් 7,703ක්, කොකේන් කිලෝග්‍රෑම් 272ක්, හෂීස් කිලෝග්‍රෑම් 857ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1,649ක් අත්අඩංගුවට ගෙන ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

ඥනසාර හිමිගේ සිවුර ඉවත් කිරීම.. බුද්ධශාසන සභාව රැස්වෙයි

ඥනසාර හිමිගේ සිවුර ඉවත් කිරීම.. බුද්ධශාසන සභාව රැස්වෙයි

ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නායක ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ පූජනීය ත්‍රෛනිකායික මහා සංඝරත්නය (පාර්ශ්ව 31) සහභාගිත්වයෙන්, අද (20) දින බුද්ධශාසන අමාත්‍යාංශය “දහම්පාය” පරිශ්‍රයේදී බුද්ධශාසන සභාව රැස්විය.

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, අමාත්‍යාංශ ලේකම් ප්‍රින්ස් සේනාධිර, බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්.එම්.ජී සේනාරත්න ඇතුළු පිරිස මීට සහභාගී වූහ.

බුද්ධ ශාසන සභාව රැස්වීමේ සුවිශේෂ කාරණාව බවට පත් වූයේ ගලබොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධව සමාජය තුළ පැනනැගී තිබෙන කරුණු පිළිබඳ මහා සංඝරත්නයේ අදහස් යෝජනා ලබාගැනීම සහ රජය වශයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මහා සංඝරත්නය දැනුවත් කිරීමයි.

ජනාධිපතිතුමා විසින් පත්කරනන ලද කමිටුවේ සභාපතිවරයා ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ලේකම් ප්‍රින්ස් සේනාධිර කමිටු යෝජනා පිළිබඳව මහා සංඝරත්නය දැනුවත් කරන ලදි. පනතේ 356 සහ 550 වගන්ති සංශෝධනය කිරීම සඳහා ගෙන එන ලද යෝජනා පිළිබඳව පැහැදිලි කරන ලදී.

විශේෂයෙන්ම බන්ධනාගාර ගත කරන ලද බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් නැවත උසාවියට ඉදිරිපත් කරන අවස්ථාවකදී හෝ වෙනත් කටයුත්තක් සඳහා බැහැරට ගෙනයාමේදී චීවරය සහිතව ගෙනයාම පිළිබඳව අදාළ නිකාය පාර්ශ්වයේ හෝ සංඝ සභාවේ නිර්දේශ මත ක්‍රියා කළ යුතු බවට වන යෝජනාව මහා සංඝරත්නයට ඉදිරිපත් කරන ලදි.

එම කමිටු නිර්දේශය මහා සංඝරත්නයේ අනුමැතියට ලක්වූ අතර මෙම නීතිය ප්‍රායෝගිකව භාවිත කිරීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා සංඝරත්නය පාර්ශ්ව 31හෝ සංඝ සභාව, එකතු වී සාකච්ඡා කර සුදුසු පොදු වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව මහා සංඝරත්නයේ අදහස විය.

පොලීසිය සඳහා සිංගල් කැබ් රථ 200ක් 

පොලීසිය සඳහා සිංගල් කැබ් රථ 200ක් 

ශ්‍රී ලංකා පොලීසියේ රාජකාරි කටයුතු සඳහා ආනයනය කරන ලද සිංගල් කැබ් රථ 200ක් දේශීය වෙළෙඳපොළ තුළින් මිලදී ගැනීම පිණිස 2026-02-23 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව, ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 07ක් ඉදිරිපත් වී ඇත.

එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s Diesel and Motor Engineering PLC වෙතින් එක් සිංගල් කැබ් රථයක් රුපියල් 4,785,000/- ක (එකතු කළ අගය මත බදු රහිත) මිලකට සිංගල් කැබ් රථ (TATA YODHA PICKUP) 200ක් මිලදී ගැනීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ප්‍රදේශ රැසකට පැය 42ක ජල කප්පාදුවක්

ප්‍රදේශ රැසකට පැය 42ක ජල කප්පාදුවක්

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ රැසකට පැය 42ක කාලයක් ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දීමක් කරයි.

ඒ අනුව හාරිස්පත්තුව පූජාපිටිය ජල පිරිපහදු මධ්‍යස්ථානයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන්‍ හෙට (21) දින පෙ.ව 09.00 සිට (23) වනදා ප.ව 3.00 දක්වා පැය 42ක කාලයක් මෙම ජල සැපයුම් අත්හිටුවීම ක්‍රියාත්මක වේ.

මැදවෙල (පැරණි) සේවා ජලාශය:
කැවුම්කොහේ පාර, ගෝණිගොඩ, ජයන්ති පාර, ගුරුකැවේ, පල්කුඹුර, ඉඩමේගම, අරඹේගම, ගොරොක්ගස් අංග පාර, එළමල්පත, කෝටුතැන්න, පෙතියාගොඩවත්ත, කළුවාන, බෝතොට, හරංකහතැන්න, දොඩම්තැන්න, කුඹුරේගෙදර, දෙඹරලොව, තිබ්බුට්ට සහ තලපැලැල්ලේගොඩ පාර,

මැදවෙල (නව) සේවා ජලාශය: බටුගොඩ, ඇහැඅළගස්හින්න, දිද්දෙණිය, ඕවිස්ස, වටගොඩ, දොඹගම්මන, හෑදෙණිය, සූරියකුඹුර, අඹරුප්ප, හරන්කහට, බොක්කාවල, වලතැන්න සහ පතිරාදා,

ගල්ලෙන වත්ත ප්‍රදේශය: ගල්ලෙනවත්ත සහ බාන් අංග,

ගලගෙදර ප්‍රදේශය: ගලගෙදර, වෑමඩ, බෝයගොඩ ආශ්‍රිත ප්‍රදේශ, රඹුක්කන පාර, පොහොලියද්ද පාර සහ කුරුණෑගල පාර,

මාවතගම ප්‍රදේශය: මාවතගම, බරන්දන පාර, රඹුක්කන පාර, පරගහදෙණිය, යටිවිල්ල, මිල්ලව සහ පිලැස්ස,

කැප්පෙටියාගොඩ සිරිවිමල නායක හිමිට ජනපති අවසන් ගෞරව දක්වයි

කැප්පෙටියාගොඩ සිරිවිමල නායක හිමිට ජනපති අවසන් ගෞරව දක්වයි

අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, මහනුවර ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති, අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක අද (20) දහවල් අවසන් ගෞරව දැක්වීය.

උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති මහනුවර ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා, ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව, උන්වහන්සේගේ අපවත්වීමෙන් ශෝකයට පත් මහා සංඝරත්නය වෙත සහ විහාරස්ථ දායක සභාව වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

නාමල්ගේ ලේකම්ට දුන් නියෝගය

නාමල්ගේ ලේකම්ට දුන් නියෝගය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටින සංජය සමරසිංහ නමැත්තා ඊයේ (19) රාත්‍රියේදී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත්තේය.

අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂගේ ලේකම් සංජය සමරසිංහ අද (20) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

අනතුරුව නාමල් රාජපක්ෂගේ ලේකම් සංජය සමරසිංහ ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව, සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ අධිකරණය, ඔහුගේ විදේශ ගමන් ද තහනම් කළේය.

Follow WhatsApp Channel