බස් රථයක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්

අද (27) දින රත්නපුර – හිදැල්ලන ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී බිහිසුණු අනතුරක් සිදුව ඇත.

අනතුරින් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර ඉන් පස් දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවත් සෙසු පිරිස සුළු තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙම අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ මගීන් පනස් දෙනෙකු සිට ඇති බවට සඳහන් වන අතර තුවාල ලැබූ පුද්ගලයින් රත්නපුර ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

අවිස්සාවේල්ල සිට රත්නපුරය දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් සහ රත්නපුරය සිට අවිස්සාවේල්ල දක්වා ගමන් කළ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel