එයාර්බස් නඩුව.. නාමල්ට එරෙහිව සාක්ෂි දෙන්න ප්‍රංශ විශේෂඥවරියක් ලංකාවට

ප්‍රංශ අධිකරණ වෝහාරික විශේෂඥවරියක්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනු කර ඇති එයාර්බස් නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරියක් ලෙස නම් කර ඇත.

ඒ අනුව ප්‍රංශයේ Forensic Risk Alliance (FRA) ආයතනයේ ප්‍රධානියා වන යූසර් කලීල් (Yousr Khalil) මෙරටට පැමිණ අධිකරණය හමුවේ සාක්ෂි ලබාදීමට නියමිත බව වාර්තා වේ.

ඇය Airbus සමාගමේ උප සභාපති Karl Hennessee සමඟ මෙම නඩුවේ විශේෂඥ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර ඇත.

Airbus සමාගම සහ එහි ලොව පුරා සිදුකළ ගුවන් යානා අලෙවිය සම්බන්ධයෙන් වසර හතරක අධිකරණ වෝහාරික විමර්ශනයක් මෙහෙයවූ Yousr Khali, එම විමර්ශනයේදී අල්ලස් ලබාදීමේ චෝදනාවට අදාළ ජාලයක් අනාවරණය කරගැනීමට කටයුතු කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel