Local news

මුහුදු සීමාව ආසන්නයේ නෞකා 47ක්.. ඉරාන නෞකා ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

මුහුදු සීමාව ආසන්නයේ නෞකා 47ක්.. ඉරාන නෞකා ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

මෙරට මුහුදු සීමාව ආසන්නයේ නවතා ඇති ඉරාන නෞකා සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පැහැදිලි කිරීමක් සිදු කරයි.

ශ්‍රී ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ නෞකා 47ක් පමණ නවතා ඇති බවත් ඒවා මෑතකදී පැමිණි නෞකා නොවන බවත් දීර්ඝ කාලයක සිට අදාළ ජාත්‍යන්තර මුහුදු සීමාවේ පවතින නෞකා බව අමාත්‍යවරයා සඳහන් කරයි.

එම නෞකා අතුරින් 19ක් ඉරාන නෞකා වන නමුත්, ඒවා නවතා ඇත්තේ ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව තුළ නොවන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

එම නෞකා වලට ආහාර හෝ ජලය සැපයීම වළක්වන ලෙස අමෙරිකාව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බවට පැතිර යන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවත් ශ්‍රී ලංකා රජයට එවැනි කිසිදු බලපෑමක්, මැදිහත්වීමක් හෝ දැනුම්දීමක් සිදුකර නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

අමෙරිකාව විසින් සම්බාධක පනවා ඇති නෞකා වලට භාණ්ඩ ප්‍රවාහනය කිරීම හෝ සැපයුම් ලබාදීම ශ්‍රී ලංකා රජය විසින් සිදුකර නොමැති බවත් ශ්‍රී ලංකාව සෑම විටම කටයුතු කරන්නේ ජාත්‍යන්තර සාගර නීතියට අනුකූලව බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

හෝමූස් සමුද්‍ර සන්ධියේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් නාවික ගමනාගමනය සංකීර්ණ වී ඇති බවත් ශ්‍රී ලංකාවට අමතරව මැලේසියාව සහ ඉන්දුනීසියාව වැනි රටවල් ආසන්නයේ ඇති ජාත්‍යන්තර මුහුදු සීමාවන්හිද මෙලෙස නෞකා නවතා තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ශ්‍රී ලංකාව පිහිටා ඇති භූ දේශපාලනික වැදගත්කම හේතුවෙන් ලෝකයේ විවිධ රට වලට අයත් නෞකා විශාල සංඛ්‍යාවක් දිනපතා දිවයින ආසන්නයෙන් ගමන් කරන බැවින්, ශ්‍රී ලංකාව අවශ්‍ය ඕනෑම අවස්ථාවක එම නෞකා වලට සහයෝගය සහ මගපෙන්වීම ලබාදීමට බැඳී සිටින බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ශ්‍රී ලංකා රජය තීන්දු තීරණ ගනු ලබන්නේ රටේ ස්වෛරීභාවය සහ අනන්‍යතාව සුරකිමින් බවත් ඕනෑම මානුෂීය අවශ්‍යතාවකදී සුදුසු පරිදි මැදිහත්වීමට රජය සූදානම් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

අමාත්‍ය විජිත හේරත් තවදුරටත් සඳහන් කළේ,

“කිසිදු ආකාරයකින් අමෙරිකාව ශ්‍රී ලංකා අපේ ආණ්ඩුවට එහෙම දැනුම්දීමක්, මැදිගත්වීමක් හෝ බලෑමක් කරලා නෑ. ඒ නිසා එහෙම එකක් නෑ. එලෙස තියෙනවා නම් සම්පූර්ණයෙන් වැරදි අදහසක්. එහෙම කිසිඳු බලපෑමක් ඇතිවෙලාත් නෑ. කිසිඳු බලපෑමකට ලංකාව යටවෙන්නෙත් නෑ. අපේ ස්වෛරීත්වය, අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් තමයි අපි සියලුම තීන්දු තීරණ ගන්නේ. කෙසේ නමුත් මානුෂීය හේතූන් මත අපේ අවශ්‍යතාවක් ඇති වුණොත් ඒ අවශ්‍ය කරන මැදිහත් වීම අපි කරනවා.”

වැඩිහිටියන් වෙනුවෙන් විශේෂ පොලිස් ඒකකයක්

වැඩිහිටියන් වෙනුවෙන් විශේෂ පොලිස් ඒකකයක්

රටේ වැඩිහිටියන් වෙනුවෙන් විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවන්නැයි මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කර ඇත.

වැඩිහිටියන්ට මුහුණ දීමට සිදුවන ගැටලු සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් වැඩිහිටියන් වෙනුවෙන් විශේෂ පොලිස් ඒකකයක් නිර්මාණය කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණියගේ අත්සනින් යුතු නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

සමාජ, ආර්ථික කරුණු සහ ආයතනවල බාහිර සංක්‍රමණ හේතුවෙන් මෙරට බොහෝ වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමේ ප්‍රවණතාවයක් නිරීක්ෂණය වී ඇති බවද මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරයි.

එහිදී ගෘහස්ථව සිටින වැඩිහිටියන් මෙන්ම ආයතන වල සේවය කරන වැඩිහිටියන්ද එම ගැටළු වලට මුහුණ දෙමින් සිටින බවද මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව පොලිස් දෙපාර්තමේන්තුව තුළ වැඩිහිටියන් වෙනුවෙන් වෙන් වූ ඒකකයක් ස්ථාපිත කරන්නේ නම් එම ගැටලු විසදා ගත හැකි බවද මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරයි.

නියමිත නැති පාන් දුන්නොත් නඩු

නියමිත නැති පාන් දුන්නොත් නඩු

පාන්වල බර හා මිල නිසියාකාරව ප්‍රදර්ශනය නොකිරීම සහ නියමිත බර නැති පාන් අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.

පසුගිය (29) වන දින ක්‍රියාත්මක කළ මෙම විශේෂ මෙහෙයුමේදී වෙළෙඳසැල් සහ බේකරි 107ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී බර අඩු පාන් අලෙවිය සම්බන්ධයෙන් සිද්ධි 35ක්, පාන්වල බර ප්‍රදර්ශනය නොකිරීම සම්බන්ධව ස්ථාන 85ක්, පාන්වල මිල ප්‍රදර්ශනය නොකෙරූ ස්ථාන 55ක් හඳුනාගෙන ඇත.

බර අඩු පාන් හමු වූ අවස්ථාවලදී සිල්ලර වෙළෙඳුන්ට පමණක් නොව, එම පාන් නිෂ්පාදනය කළ බේකරිය දක්වාම විමර්ශන දීර්ඝ කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.

එහිදී බේකරියේ පාන්වල බර ද පරීක්ෂා කර, වරද තහවුරු වන්නේ නම් නිෂ්පාදන ක්‍රියාවලිය වහා නිවැරදි කිරීමට උපදෙස් ලබාදී ඇති අතර ප්‍රමාණවත් සාක්ෂි ඇති විට මහෙස්ත්‍රාත් අධිකරණ හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බවද සඳහන් කරයි.

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ඔක්තෝබර් මාසයට අදාළව ගෑස් මිල ගැන ලිට්‍රෝ ගෑස් සමාගම දැනුම්දීමක් කරයි.

ඒ අනුව මෙම මාසයේ ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම අද (04) නිවේදනය කරයි.

කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,365කි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,750කි.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 815කි.

ඥනසාර හිමි බන්ධනාගාරයට

ඥනසාර හිමි බන්ධනාගාරයට

අත්අඩංගුවට ගත් බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කළ ගලගොඩඅත්තේ ඥානසාර හිමි හෙට (05) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ අනුව ගලගොඩඅත්තේ ඥනසාර හිමි හෙට දින අභියාචනාදිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය කළ එම නියෝගයේ සඳහන් වේ.

වරෙන්තුව ප්‍රකාරව අධිකරණය මගහරිමින් සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමි කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් (03) රාත්‍රියේ තීනියාවල ආරණ්‍ය සේනාසනයක සැගවී සිටියදී අත්අඩංගුවට ගත්තේය.

රට පැන්න ශිරන්තිට හරි වගේ.. ගුවන් තොටුපළේදීම අත්අඩංගුවට.?

රට පැන්න ශිරන්තිට හරි වගේ.. ගුවන් තොටුපළේදීම අත්අඩංගුවට.?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට ලබාදුන් කාලසීමාව අවසන් වීමට පෙර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටියේ නැතිනම් විදෙස් ගමන් තහනමක් ඉල්ලා සිටීමට නියමිත බව වාර්තා වේ.

එම විදෙස් ගමන් තහනම ඉල්ලා සිටීමෙන් අනතුරුව ලැබෙන නියෝගයෙන් පසුව ශිරන්ති රාජපක්ෂ මෙරට ගුවන්තොටුපළ වෙත පැමිණි විගස අත්අඩංගුවට පත්වීමට ඉඩ ඇත.

සිංගප්පූරුවේදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පිටව ගොස් සිටින ශිරන්ති රාජපක්ෂට ‘සිරිලිය’ පදනම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ප්‍රකාශයක් ලබාදීම සඳහා දින 14ක කාලයක් ලබාදී ඇති බව වාර්තා වේ.

ඥනසාර හිමි අධිකරණයට

ඥනසාර හිමි අධිකරණයට

අත්අඩංගුවට ගනු ලැබූ බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි මේ වනවිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් ඇත.

වරෙන්තුව ප්‍රකාරව අධිකරණය මගහරිමින් සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමි කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් (03) රාත්‍රියේ තීනියාවල ආරණ්‍ය සේනාසනයක සැගවී සිටියදී අත්අඩංගුවට ගත්තේය.

නාමල් රාජපක්ෂ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න

නාමල් රාජපක්ෂ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න

මේ රටේ නීතිය තිබිය යුතු බවත් එනිසා නාමල් රාජපක්ෂ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහලේකම් සාගර කාරියවසම් සඳහන් කරයි.

නාමල් රාජපක්ෂ අනීතික ලෙස අත්අඩංගුවට ගත්තා නම් හෙට දිනයේ ඕනෑම පුරවැසියෙකුගේ දරුවෙක් එලෙස අනීතික ලෙස අත්අඩංගුවට ගත හැකි බවද මහලේකම් සාගර කාරියවසම් සඳහන් කරයි.

මහලේකම් සාගර කාරියවසම් සඳහන් කළේ,

“ඔබගේ තරුණ දියණිය එළියට ගියාම ගමේ ඉන්න ජේවීපි කාරයට ඒ කෙල්ල ගැන හිතක් පහළ වුණොත් එයා නිරුපද්‍රිතව ගෙදර එයි කියලා තියෙන මොකක්ද ආරක්ෂණය.

මෙන්න මේ ආරක්ෂණයට තමයි අපිට මේ රටේ නීතිය තියෙන්න ඕන. ඒක නිසා තමයි අපි නාමල් රාජපක්ෂ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන කියන්නේ. ලබ්බට තියපු අත පුහුලටත් තියනවා අපෙ හාමුදුරුවනේ.

මෙන්න මේ කාරණය නිසා තමයි රටක නීතියක් තියෙන්න ඕනේ. මෙන්න මේ කාරණය නිසා තමයි මේ රටක නීතිය පැතිරෙන්න ඕනි. නාමල් රාජපක්ෂ කෙඳිරි ගාන්නේ නෑ. අපි කෙඳිරි ගාන්නේ නෑ.”

කාලගුණය කැළඹෙයි.. අවවාදාත්මක නිවේදනයක්

කාලගුණය කැළඹෙයි.. අවවාදාත්මක නිවේදනයක්

ගිගුරුමි සහිත තද වැසි සහ ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

ඒ අනුව වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර සහ උතුරු-මැද පළාත් සහ ගාල්ල මාතර සහ මන්නාරම දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

මෙම ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින අතර අදාළ අනතුරු ඇඟවීම හෙට (05) දින පෙරවරු 01.00 දක්වා වලංගු වේ.

මේ අතර අද (04) දින මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සෞදි තෙල් පිරිපහදුවකට හූති මිසයිල ප්‍රහාර

සෞදි තෙල් පිරිපහදුවකට හූති මිසයිල ප්‍රහාර

සෞදි අරාබියේ රියාද් අගනුවර පිහිටි ඇරම්කෝ තෙල් පිරිපහදුවට බැලැස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බවට හූති සටන්කාමීන් සඳහන් කරයි.

යේමනයේ සානා ඇතුළු ප්‍රදේශ කිහිපයකට සෞදි අරාබිය එල්ල කළ ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බව හූති සටන්කාමීන් සඳහන් කරයි.

මෙම මෙහෙයුම සාර්ථකව එහි අරමුණ සාක්ෂාත් කරගත් අතර ඉලක්කගත ස්ථානවල ගිනි තැබීම් ඇති කළ බව හූති හමුදා ප්‍රකාශක යාහ්යා සාරි රූපවාහිනී ප්‍රකාශයකින් සඳහන් කර ඇත.

Follow WhatsApp Channel