Local news

දුම්රිය ධාවනය ගැන දැනුම්දීමක්

දුම්රිය ධාවනය ගැන දැනුම්දීමක්

අද (05) උදෑසන උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ සහ කඩිගමුව අතර සිදුවූ දුම්රිය පීලි පැනීම හේතුවෙන් ඇති වූ මාර්ග අවහිරතාවය මේ වනවිට සම්පූර්ණයෙන් ඉවත් කර ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අංක 1038 දුම්රිය පීලි ගත කර දුම්රිය මාර්ගය මේ වනවිට දුම්රිය ධාවනයට සුදුසු තත්වයට පත්කර ඇත.

හෙට (06) දින උදෑසන සාමාන්‍ය ධාවන කාල සටහනට අනුව ගම්පොල සහ පේරාදෙණිය සිට කොළඹ කොටුව දක්වා උදෑසන කාර්යාල දුම්රිය සහ නගරාන්තර ශිඝ්‍රගාමී දුම්රිය ධාවනය කරයි.

තවද, කොළඹ කොටුව සිට ගම්පොළ දක්වා පොඩි මැණිකේ දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා ඇත.

බැකෝ සමන්ගේ බැංකු ගිණුම් සහ දේපළ අත්හිටුවයි

බැකෝ සමන්ගේ බැංකු ගිණුම් සහ දේපළ අත්හිටුවයි

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන නිර්මල ප්‍රසංග නොහොත් “බැකෝ සමන්” අයත් බව කියන රුපියල් මිලියන 40ක් වටිනා දේපළ සහ බැංකු ගිණුම් ක්‍රියාවිරහිත කිරීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව රුපියල් මිලියන 20ක් වටිනා අධි සුඛෝපභෝගී බෙන්ස් රථයක්, පෞද්ගලික බැංකු දෙකක රුපියල් මිලියන 20ක ස්ථාවර ගිණුම් තැන්පතු දෙකක් ඊට ඇතුළත් වේ.

අදාළ නියෝගය අද (05) සිට වැඩ කරන දින 14ක් සඳහා බලපැවැත්වෙන බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.

නිමන්ති ෆොන්සේකා නමැති කාන්තාවකගේ නමින් අදාළ දේපොළ මිලදී ගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.

අනේ මාව අත්අඩංගුවට ගන්න එපා.. ශිරන්ති කෙඳිරිගායි

අනේ මාව අත්අඩංගුවට ගන්න එපා.. ශිරන්ති කෙඳිරිගායි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ විසින් අපේක්ෂිත ඇප ඉල්ලා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට අයදුම්පතක් ඉදිරිපත් කර ඇත.

“සිරිලිය සවිය” ගිණුම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම එම අයදුම්පත ඉදිරිපත් කර ඇත.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙසට ශිරන්ති රාජපක්ෂට දැනුම් දී ඇති අතර ඇය එය මගහරිමින් මේ වනවිට සිංගප්පූරුවේ රැදී සිටියි.

2027 වසරේ සිට සියලු පාසල් දරුවන්ට අලුත් විෂයක්

2027 වසරේ සිට සියලු පාසල් දරුවන්ට අලුත් විෂයක්

ලබන වසරේ සිට 6 ශ්‍රේණියට නව විෂයක් හඳුන්වාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.

ඒ අනුව 6 ශ්‍රේණියේදී ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳව නව විෂයක් හඳුන්වාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.

නව විෂය මාලා සංශෝධනය යටතේ 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණියට ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ දැනුම ලබාදීමට කටයුතු කරන බවත් එහි පළමු අදියර ලෙස 2027 වසරේදී සියලුම පාසල් දරුවන්ට 6 ශ්‍රේණියේ සිට මෙම විෂය හඳුන්වාදීමට නියමිත බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

එමෙන්ම, පාසල් දරුවන් සහ තරුණ පරපුර කුඩා අවධියේ සිටම ව්‍යවසායකත්වය හා ආයෝජනය පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබාගැනීම සඳහා Stock Market Game සහ පාසල් ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගම් ඇතුළු වැඩසටහන් දියත් කර ඇති බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

මූල්‍ය සාක්ෂරතාව ලබාදීමේදී ආචාරධර්ම පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් අනෙකුත් පුද්ගලයන් සූරාකෑමෙන් හෝ වංචා කිරීමෙන් මුදල් උපයා ගැනීම නොව, වගකීමෙන් සහ සදාචාරාත්මකව කටයුතු කිරීමේ වැදගත්කමද තරුණ පරපුරට හඳුන්වා දිය යුතු බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළාය.

ආසියානු සංවර්ධන බැංකුවේ 2026–2029 ශ්‍රී ලංකා සංවර්ධන සැලසුම්

ආසියානු සංවර්ධන බැංකුවේ 2026–2029 ශ්‍රී ලංකා සංවර්ධන සැලසුම්

ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන හවුල්කරුවෙකු ලෙස ආසියානු සංවර්ධන බැංකුවේ 2026–2029 කාලසීමාවට අදාළ, ශ්‍රී ලංකා සංවර්ධන සැලසුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂිකා ෂැනන් කව්ලින් (Shannon Cowlin) ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ආසියානු සංවර්ධන බැංකුවේ 2027 වර්ෂය සඳහා වන වාර්ෂික වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් 2026 ඔක්තෝබර් මස (05) සහ (06) යන දෙදින පැවැත්වීමට නියමිත සැලසුම් සමාලෝචන රැස්වීමට පෙර සූදානමක් ලෙස මෙම සාකච්ඡාව පැවැත්විණි.

මෙහිදී ආසියානු සංවර්ධන බැංකුවේ දීර්ඝකාලීන ව්‍යාපෘති සැලසුම් සඳහා ඇතුළත් කිරීමේදී ප්‍රමුඛත්වය ලබාදිය යුතු සංවර්ධන ව්‍යාපෘති හඳුනා ගැනීම පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි.

ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් මත ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් සම්බන්ධයෙන් රජයේ හිමිකාරිත්වය තහවුරු කිරීම, රාජ්‍ය ක්‍රියාවලීන් සහ ආසියානු සංවර්ධන බැංකුවේ ක්‍රියාවලීන් අතර පැහැදිලි සහ කාර්යක්ෂම සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාම මෙන්ම, සීමිත සහ සහනදායී මූල්‍ය සම්පත් හා තාක්ෂණික සහාය ඵලදායී ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ සංවර්ධන වේගය තවදුරටත් ඉහළ නංවමින් රාජ්‍ය මූල්‍ය ඉලක්ක කඩිනමින් ළඟා කර ගැනීමේදී මතුවන අභියෝග වලට සාර්ථකව මුහුණදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සහ ක්‍රමවේද පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

“මගේ මස් කන්න.. ලේ බොන්න.. මට මානසික අවුලක් තියෙනවා” ඥනසාර හිමි හඬාවැටෙයි

“මගේ මස් කන්න.. ලේ බොන්න.. මට මානසික අවුලක් තියෙනවා” ඥනසාර හිමි හඬාවැටෙයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා වලට වැරදිකරු වු ගලගොඩඅත්තේ ඥානසාර හිමිට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (05) බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත නියම කළේය.

අනතුරුව ගලගොඩඅත්තේ ඥානසාර හිමි බන්ධනාගාර බසයට රැගෙන යන අවස්තාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ,

“මොනවත් කියන්න ඕන නෑ නේ. හැබැයි ඉතිං රට වෙනුවෙන් වැඩ කරපුවාම මේක හොද පාඩමක් කරගන්න හාමුදුරුවරු රටේ. හැමෝම රස්සාව කරනවා. මම මේ වැඩ කළේ රට වෙනුවෙන්.

පොඩ්ඩක් ඉන්න මහත්තයෝ. පොඩ්ඩක් ඉන්න. මම යන්නේ හිරේට. මම මේ අධිකරණයට කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ රටේ මිනිස්සුගේ අභය වෙනුවෙන්, මිනිස්සූ මරණෙන් ගලවා ගන්නයි මම වැඩ කරේ.

අවුරුදු 25ක්, පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න මහත්තයෝ. ඕන්නම් මාව මගේ මස් කන්න. අර ජේසු වහන්සේ කීවේ. ඕන්නම් මගේ ලේ බොන්න. එක්කෝ මගේ මස් කන්න.

මොකද අවුරුදු 25ක් මේ රට වෙනුවෙන් මම දිය වුණේ. කිසි කෙනෙක් නොදන්න විෂයක්. අර මහාධිකරණය දීපු තීන්දුවෙන් අහන්න. ස්ථාන 100කට ගහන්න ⁣මුස්ලිම් අන්තවාදීන් සැලසුම් කරලා තිබුණේ. ⁣

මම 2014 ඉදලා මේ අපරාධ ගැන කියන්නේ. මේ මිනිස්සුන්ට මානුෂිකත්වයක් නැද්ද. මම හිරේ දැම්මා කියලා මේ ප්‍රශ්නය විසදෙනවා ද, බයවෙන්න ඕනද මේක කතා කරන්න. මට මානසික ටෙන්ෂන් එකක් තියෙන හින්දා තමයි මම ආරණ්‍යයට ගිහිල්ලා භාවනා කරේ.

නායක හාමුදුරුවන්ගේ උපදෙස් පරිදි. නැතුව උසාවිය මගහරින්න නෙමෙයි. වේදනාවක් තියෙනවා. මමත් මනුස්සයෙක්. නමුත් ඇත්ත කිව යුතුයි. කියන්න තැනක් නෑ. කවදාවත් හදවතේ කැකෑරෙන ඇත්ත කියන්න ඉඩක් ලැබුණේ නෑ.

ඒකට බය වෙන්නෙත් නෑ. කම්පනයකුත් නෑ. මේ තියෙන්නේ දකුණේ ලේ. බයත් නෑ. එක පාරයි මැරෙන්නේ. හැබැයි සත්‍ය වෙනුවෙන්. අපි වැඩ කරන්න ඕන. අපි අනුන්ගෙන් බත් කාලා රට වෙනුවෙන් මේ කැපකිරීම කළේ.”

අමෙරිකාවට යුද්ධය අවසන් කරන්න බෑ.. ඉරානය අනතුරු අඟවයි

අමෙරිකාවට යුද්ධය අවසන් කරන්න බෑ.. ඉරානය අනතුරු අඟවයි

කිසිදු හමුදාමය මෙහෙයුමක් හරහා අමෙරිකාවට මැදපෙරදිග යුද්ධය අවසන් කළ නොහැකි බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සඳහන් කරයි.

ඉරානයේ සතුරන් නැවත වරක් යුදමය මාවතක් තෝරා ගන්නේ නම් ඉරානයේ ප්‍රතිචාරය පෙරට වඩා ප්‍රබල වන බව අමාත්‍ය අබ්බාස් අරග්චි සඳහන් කරයි.

නව සම්බාධක පැනවීමෙන් ද යුද්ධය අවසන් කළ නොහැකි බවත් සාධාරණත්වය සහ යුක්තිය මත පදනම් වු සාකච්ඡා හරහා පමණක් මෙම ගැටුම අවසන් කළ හැකි බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ඥානසාර හිමිගේ සෙල්ලම අවසන්.. ජම්පරය අන්දයි

ඥානසාර හිමිගේ සෙල්ලම අවසන්.. ජම්පරය අන්දයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා වලට වැරදිකරු වු ගලගොඩඅත්තේ ඥානසාර හිමිට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (05) නියම කළේය.

අත්අඩංගුවට ගත් ඥානසාර හිමි බන්ධනාගාර නිලධාරීන් විසින් අද (05) අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ඥානසාර හිමිට පණවනු දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත නියම කළේය. 

වරෙන්තු නිකුත් කර තිබියදී අධිකරණය මගහරිමින් සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමි කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් පසුගිය (03) රාත්‍රියේ තීනියාවල ආරණ්‍ය සේනාසනයක සැගවී සිටියදී අත්අඩංගුවට ගත්තේය.

අත්අඩංගුවට ගත් ගලගොඩඅත්තේ ඥානසාර හිමි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (04) දින ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කළ ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (05) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (04) නියම කළේය.

අපේක්ෂා රෝහලෙන් නිවේදනයක්

අපේක්ෂා රෝහලෙන් නිවේදනයක්

ඖෂධ හෝ වෙනත් ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලෙසට මහරගම අපේක්ෂා රෝහලෙන් කිසිදු මහජන ආයාචනයක්, දැන්වීමක්, නිවේදනයක් හෝ ඉල්ලීමක් සිදුකර නොමැති බව එම රෝහල සඳහන් කරයි.

NCISL ආයතනය විසින් සිය නිල වෙබ් අඩවිය, සමාජ මාධ්‍ය, මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය මෙන්ම වෙනත් කිසිදු පොදු වේදිකාවක් හරහා එවැනි දැන්වීමක් පළ කර නොමැති බවද එම රෝහල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

කෙසේ වෙතත්, රෝගී සත්කාර සඳහා අවශ්‍ය ඖෂධ, උපකරණ, පරිභෝජන ද්‍රව්‍ය හෝ වෙනත් ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට කැමැත්තක් දක්වන පුද්ගලයන්ට සහ සංවිධාන වලට එවැනි පරිත්‍යාග සිදුකිරීමේ හැකියාව පවතින බවද එම රෝහල සඳහන් කරයි.

එවැනි පරිත්‍යාගයක් සිදුකිරීමට පුද්ගලයෙකු හෝ සංවිධානයක් විමසීමක් කළහොත්, එම ඉල්ලීමේ ස්වභාවය අනුව පරිත්‍යාගය භාරගැනීමට අදාළ අවශ්‍යතා, පිරිවිතර, නියාමන අවශ්‍යතා සහ ක්‍රියා පටිපාටි පිළිබඳව රෝහල විසින් අදාළ පරිත්‍යාගශීලියාට අවශ්‍ය මගපෙන්වීම ලබාදෙන බව සඳහන් කරයි.

උඩරට දුම්රිය ධාවනයට බාධා.. තාවකාලිකව නවතී

උඩරට දුම්රිය ධාවනයට බාධා.. තාවකාලිකව නවතී

පේරාදෙණිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක් ඉහළ කෝට්ටේ හා කඩිගමුව අතරදී පීලිපැනීමකට ලක්ව ඇත.

ඒ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව නවතා ඇති බව දුම්රිය මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ සඳහන් කරයි.

දුම්රිය මාර්ගයට ගල් පෙරළී තිබීම හේතුවෙන් දුම්රිය පීලිපැනීමට ලක්ව ඇති බවද දුම්රිය මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ සඳහන් කරයි.

Follow WhatsApp Channel