Local news

අද දිස්ත්‍රික්ක රැසකට වැසි

අද දිස්ත්‍රික්ක රැසකට වැසි

අද (04) දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

අත්අඩංගුවට ගත් ඥනසාර හිමි අපරාධ විමර්ශන කොට්ඨාශයට කුදලාගෙන එයි

අත්අඩංගුවට ගත් ඥනසාර හිමි අපරාධ විමර්ශන කොට්ඨාශයට කුදලාගෙන එයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රදානය කළ ජනාධිපති පොදු සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා බලරහිත කරනු ලැබීය.

ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය පසුගිය (01) වනදා විවෘත වරෙන්තු නිකුත් කළ අතර විදේශ ගමන් තහනමක් ද පැනවිය.

ඒ අනුව අදාළ ⁣වරෙන්තුව ප්‍රකාරව අධිකරණය මගහරිමින් සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමි කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් (03) රාත්‍රියේ තීනියාවල ආරණ්‍ය සේනාසනයක සැගවී සිටියදී අත්අඩංගුවට ගත්තේය.

එලෙස අත්අඩංගුවට ගත් ගලගොඩඅත්තේ ඥානසාර හිමි කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට රැගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

අභියෝග තුනයි.. පොලිස් නිලධාරීන් රැසකට වැඩ වරදින ලකුණු

අභියෝග තුනයි.. පොලිස් නිලධාරීන් රැසකට වැඩ වරදින ලකුණු

ප්‍රධාන අභියෝග තුනක් පොලීසිය හමුවේ පවතින බවත් ඒවා ජය ගැනීම සඳහා මානව සම්පත් සංවර්ධනය, නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනය මෙන්ම යටිතල පහසුකම් සහ විනය පාලනය ඉහළ නැංවීමට පියවර ගනිමින් සිටින බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කරයි.

සංවිධානාත්මක අපරාධ මර්දනය, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම ඇතුළු මත්ද්‍රව්‍ය ව්‍යසනය මර්දනය කිරීම සහ රථවාහන පාලනය හෙවත් මාර්ග විනය පවත්වාගෙන යාම දැනට පවතින ප්‍රධානතම අභියෝග තුන බව පොලිස්පතිවරයා සඳහන් කරයි.

මොණරාගල පොලිස් කොට්ඨාසයට අයත් බුත්තල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති නිල නිවාසය විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කරයි.

වසරකට නිලධාරීන් 2,000 – 2,500ත් අතර සංඛ්‍යාවක් විශ්‍රාම යන අතර හදිසි අනතුරු සහ ස්වාභාවික හේතූන් මත තවත් 250ක් පමණ මියයාම හෝ ආබාධිත තත්ත්වයට පත් වන බවද පොලිස්පතිවරයා සඳහන් කරයි.

විනය පාලනයක් නැති ආයතනයක් කඩා වැටීම වැළැක්විය නොහැකි බැවින් පොලිස් නිලධාරීන්ගේ විනය සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩිව ක්‍රියා කරන බවද පොලිස්පතිවරයා සඳහන් කරයි.

පොලිස්පතිවරයා තවදුරටත් සඳහන් කළේ,

“මම පොලීසියේ පහළම ස්තරයේ ඉඳලා, අද මෙහෙම කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ, මම මං ගැන පසු විපරමක් තිබුණ හින්දා.

ඒ පසු විපරම තුළ මම පොලිස්පති වුණාට පස්සෙත්, මගේ අවුරුද්ද තුළ මගේ වැඩබලන පොලිස්පති විදිහට කරපු වැඩ ටිකත්, ඊට පස්සේ පොලිස්පති තනතුර ලැබීමෙන් පසුව කරපු දේවල් සම්බන්ධයෙනුත් මට පසු විපරමක් තිබුණා.

ඒ කාර්ය සාධනයේ මා ඉෂ්ට කළ යුතුයි, ඒ ඉෂ්ට කළ යුතු වෙන්නේ මට බැබලෙන්න නෙමෙයි, මගේ සේවය බැබලෙන්න. මගේ මේ පොලිස් සේවය කියන සේවය බැබලෙන්න අවශ්‍යයි. ඒ නිසා ඒ සේවය බැබලෙන්න නම්, ඒ බැබලෙන්න ඕන මහජනයා ඉස්සරහා.

මහජනයාට නොගැලපෙන පොලීසියක්, මහජන විශ්වාසය නැති වූ පොලීසියක්… කවදාවත් අපිට මහජන විශ්වාසයකින් තොරව පොලීසියක් පවත්වාගෙන යන්න බෑ.“

මහ රෑ ඝාතනයකට යමින් සිටි දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

මහ රෑ ඝාතනයකට යමින් සිටි දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

අද (03) රාත්‍රියේ කොස්ගොඩ මහඉඳුරුව ප්‍රදේශයේදී ඝාතනයකට යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකුට පොලිසිය විසින් වෙඩි තබා ඇත.

එම වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එක් අයෙකු රෝහල් ගත කර ඇති බවත් අනෙක් පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

ලොකු පැටීගේ පාර්ශ්වයේ වෙඩික්කරුවෙකු විසින් කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වයේ අයෙකු ඉලක්ක කර වෙඩි තැබීමට උත්සාහ දරා ඇති බවට පොලීසිය සැක කරයි.

එම වෙඩික්කරුවන් පොලිසියට හසුවීමෙන් පසු පලායාමට උත්සාහා දැරීමේදී පොලිසිය විසින් සිදුකළ වෙඩි තැබීමෙන් එම පුද්ගලයා තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කරයි.

වලාන දූෂණ මර්දන ප්‍රහාර ඒකකය විසින් සිදුකළ මෙහෙයුමකදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩික්කරුවන් සතුව තිබී ගිනි අවි දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.

Prime Marina එකට මෙච්චර ඉල්ලුමක්.. ඇත්තටම ඒකට හේතුව මොකක්ද.?

Prime Marina එකට මෙච්චර ඉල්ලුමක්.. ඇත්තටම ඒකට හේතුව මොකක්ද.?

Colombo Port City එකට ඇතුළු වෙනකොටම මුලින්ම ඇස ගැටෙන, Marina එකට මුහුණලා තියෙන විශේෂ location එකක් ගැන මේ දවස්වල දේපළ වෙළෙඳපොළේ කතාබහක් ඇති වෙලා තියෙනවා.

ඒ තමයි Prime Group සහ Melwa එක්ව ඉදි කරන Prime Marina ව්‍යාපෘතියේ දෙවන අදියර වන Prime Marina 2.

විශේෂත්වය තියෙන්නේ location එකේමයි. Port City Colombo වෙත ඇතුළු වන ස්ථානයේ සිට Marina එක දක්වා විහිදෙන මෙම භූමි ප්‍රදේශය, Port City ට පැමිණෙන කෙනෙකුට මුලින්ම හමුවන location එකක්. ඒකටත් වඩා, Marina එකට මුහුණලා පිහිටීම නිසා මේ location එක සාමාන්‍ය Port City address එකකට වඩා වෙනස් බවයි කතාබහට ලක්වෙන්නේ.

ලෝකයේ ප්‍රධාන නගර දිහා බැලුවත් Marina-front properties කියන්නේ සීමිත supply එකක් තියෙන දේපළ වර්ගයක්. කොළඹ Port City එකෙන් 1%ක් පමණයි Marina-front.

ඒ 1% ඇතුළේ තියෙන address එකක් Prime Marina 2. ඒ නිසාම Marina එක ඉදිරිපිටම තියෙන මෙවැනි location එකක් ගැන ආයෝජකයන්ගේ අවධානය යොමුවීම පුදුමයක් නෙවෙයි.

විශේෂයෙන්ම Colombo Port City එක business සහ lifestyle destination එකක් ලෙස තවදුරටත් වර්ධනය වෙද්දී, එහි entrance එකේම Marina-facing property එකකට හිමිකම් කියන්න ලැබීමත් එක්ක Prime Marina 2 ගැන දේශීය ආයෝජකයන් අතර විතරක් නෙවෙයි, විදෙශීය ආයෝජකයන් හා විදේශගත ශ්‍රී ලාංකිකයන් අතරත් උනන්දුවක් ඇති වෙමින් තිබෙන බවයි වාර්තා වෙන්නේ.

එකට හේතුව ඉහලම capital appreciation එකක් වගේම ඉහල rental income එකක් ගන්න පුළුවන් නිසා. ඒ වගේම Port City එක සම්පූර්ණයෙන්ම සංවර්ධනය වෙන්න අවු. 10ක් 15ක් ගත වුනත් මේ Location එක තියන Area එක තමයි මුලින්ම fully Function වෙන තත්ත්වයකට එන්නේ. ඒක තවත් Advantage එකක්.

තවත් කතාබහට ලක්වන කරුණක් තමයි මේ location එකේ future potential එක. Marina එකට මුහුණලා ඇති ඉදිරිපස locations සීමිත වීම නිසා, ඉදිරියේදී Port City එක තව තවත් සංවර්ධනය වුණත් මෙවැනි frontline Marina location එකක් ලංකාවේ නැවත නිර්මාණය නොවන නිසා ක්ෂේත්‍රයේ වගේම කලාපයේම අවධානයට ලක්වෙලා තියෙන්නේ.

ඒ අතරේ Prime Marina 2 සඳහා රුපියල් මිලියන 59කින් ආරම්භ වන හඳුන්වාදීමේ මිලක් නියම කර තිබීමත් විශේෂ අවධානයක් දිනාගෙන තියෙනවා.

කොළඹ නගරයට පහසු ප්‍රවේශය, Marina එකට ඇති සමීපත්වය සහ Port City හි වර්ධනය වන Marina lifestyle ecosystem එකත් එක්ක, මේ location එක දේපළ ආයෝජකයන් අතර කතාබහට ලක්වීම අහම්බයක් නෙවෙයි.

ඒ නිසාම මේ දවස්වල Port City Colombo ගැන කතා කරනකොට අලුතින්ම ඇහෙන නම තමයි Prime Marina 2.

විරෝධතාවට එක්වූ හයක් අත්අඩංගුවට

විරෝධතාවට එක්වූ හයක් අත්අඩංගුවට

අද (03) දින ජන අරගල ව්‍යාපාරය විසින් පිටකොටුවේ පැවැත්වූ විරෝධතාවට එක්වූ හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියට සහ ජීවන වියදම ඉහළ යාමට එරෙහිව ජන අරගල ව්‍යාපාරය සංවිධාන කළ විරෝධතා පා ගමන බොරැල්ල කැම්බල් පිටිය අසලින් අද පස්වරුවේ ආරම්භ කළේය.

එම පා ගමන බොරැල්ල මංසන්ධියෙන්, මරදාන හරහා පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරිපිටට පැමිණි අතර අනතුරුව පිරිස විරෝධතාවක් පැවැත්විය.

ඥනසාර හිමිගේ හැංගිමුත්තං සෙල්ලම අවසන්.. අත්අඩංගුවට ගනී

ඥනසාර හිමිගේ හැංගිමුත්තං සෙල්ලම අවසන්.. අත්අඩංගුවට ගනී

අධිකරණය මගහරිමින් සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමි තිනියාවල ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු තුනක් නිකුත් කර තිබූ අතර එම වරෙන්තු ප්‍රකාරව ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගත්තේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රදානය කළ පොදු සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා බලරහිත කරනු ලැබීය.

විදුලි බිල අඩු කිරීම ගැන සුභ ආරංචියක්

විදුලි බිල අඩු කිරීම ගැන සුභ ආරංචියක්

පුනර්ජනනීය බලශක්තිය ජාතික පද්ධතියට එකතු කර ගැනීමත් සමග ක්‍රමිකව විදුලි බිල අඩු කිරීමට හැකිවනු ඇතැයි බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.

එළඹෙන 2030 වසර වනවිට විදුලි බිල 30%කින් අඩු කිරීමට සහ 70%ක් පමණ පුනර්ජනනීය බලශක්තිය ජාතික පද්ධතියට එකතු කිරීමට බලාපොරොත්තු වන බවද බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.

ඉතාම වේගයෙන්ම යා හැකි තාක්ෂණය බැටරි තාක්ෂණය බැවින් එම තාක්ෂණය ගෙනැවිත් හැකි ඉක්මනින්ම දහවල් තිබෙන ජනනය රාත්‍රී කාලයට යොදා ගැනීමට සැලසුම් සකස් කර ඇති බවද සඳහන් කරයි.

සූර්යබල ශක්තියෙන් විශාල ප්‍රමාණයක් ජාතික පද්ධතියට එකතු වු විට එය රටට විශාල ජයග්‍රහණයක් බවත් එනිසා දහවල් කාලයේ විදුලි උත්පාදනයට යන වියදම අඩුකර ගැනීමට හැකි වු බවද සඳහන් කරයි.

වාහන පවරාගැනීම – පොලීසියෙන් විශේෂ නිවේදනයක්

වාහන පවරාගැනීම – පොලීසියෙන් විශේෂ නිවේදනයක්

කල්බදු සමාගම්, මූල්‍ය සමාගම් වලින් ලබාගත් වාහන සහ වෙනත් උපකරණ නැවත එම සමාගම් යටතට පවරා ගැනීමේදී පවතින නීති මත කටයුතු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් සඳහන් කරයි.

මූල්‍යකරණය යටතේ ලබාගත් යම් දෙයක් වේ නම් එය නැවත ලබා ගැනීම සඳහා ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව වසර 2000 අංක 56 දරණ කල්බදු මූල්‍යකරණයට යටතේ 27 වෙනි වගන්තියේ පැහැදිලි කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් සඳහන් කළේ,

“අපි මතක් කරන්නට අවශ්‍යයි කල්බදු සමාගම්, මූල්‍ය සමාගම් විසින් වාහන ඇතුළු කල්බදු මූල්‍යකරණයට යටත්කර ඇති උපකරණයක සන්තකයට ලබා ගැනීමට ඒ අනුව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව විධි විධාන වසර 2000 අංක 56 දරණ කල්බදු මූල්‍යකරණය යටතේ 27 වෙනි වගන්තියේ ඉතා පැහැදිලිව විස්තර කරලා තියෙනවා.

මෙහිදී බදු දෙන්නා විසින් අදාළ උපකරණය අයිති ප්‍රදේශයේ ස්ථානාධිපතිවරයා හෝ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත එම අයිතිවාසිකම පිළිබඳව පෙර දැනුවත් කළ යුතුව තිබෙනවා. මෙම දැනුම්දීම හරහා මෙම බදු දෙන්නා විසින් එම අයිතිවාසිකම ක්‍රියාත්මක කිරීමේදී යම් සාමය කඩවීමක් වැළැක්වීම සඳහා පොලිස් නිලධාරීන්ගේ සහාය ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

එහිදී මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙකු හෝ ස්ථානාධිපතිවරයෙකුගේ ඒ අවශ්‍ය සහාය ලබා දී ඒ අවශ්‍ය පියවර ගැනීමටත් හැකියාව තියෙනවා.

විශේෂයෙන් සඳහන් කළ යුතුයි මෙම උපකරණය සන්තකයේ ඇති අයගේ යම් කිසි ප්‍රතිරෝධය පෑමක් නොමැති නම් කිසිදු සාමය කඩවීමක් නොවී බදු දෙන්නාට ඒ උපකරණය තමා සන්තකයට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා.

කෙසේ නමුත් එම උපකරණය තමා සන්තකයට ලබා ගැනීමට යාමේදී යම් ප්‍රතිරෝදයක් එල්ල වූ අවස්ථාවේදී බදු දෙන්නා විසින් ඊට අදාළව දිසා අධිකරණයේ පිහිට පැතිය යුතුයි. සමහර අවස්ථාවලදී මෙම දිසා අධිකරණයේ පිහිට නොපතා මේ ප්‍රතිපාදන වලට පරිභාහිරව ක්‍රියා කිරීම මගින් විශේෂයෙන් බදු දීමනාකරු හො ඔහුගේ නියෝජිතයෙකු විසින් නෛතික තත්ත්වය මුහුණ පෑමටත් සිදුවෙනවා.

මේ පිළිබඳව විමර්ශනයක් සිදුකිරීමේදී සාපරාධී වරදක්, අපරාධමය වරදක් නිර්මාණය වුවහොත්, අපි කතාවෙන කොල්ලකෑමක් වශයෙන් හෝ සාපරාධී අයුතු ඇතුළ්වීමක් හෝ බලෙන් ලබා ගැනීමක් වූ විට ඒ පිළිබඳවත් නීතිය ක්‍රියාත්මක කරන්නට සිද්ධ වෙනවා.”

ශිරන්ති – යෝෂිතගේ ආරක්ෂාව දුන් ජනාධිපති කාර්යාල වාහන තුනක් තවත් අපරාධ වලට

ශිරන්ති – යෝෂිතගේ ආරක්ෂාව දුන් ජනාධිපති කාර්යාල වාහන තුනක් තවත් අපරාධ වලට

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය පිළිබඳ විමර්ශන වලදී හෙළිවූ, එම ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන වාහන 3ක් තවත් අපරාධ ගණනාවක් සඳහා යොදාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව වාර්තා වේ.

ජනාධිපති ලේකම් කාර්යාලය හරහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගේ සහ යෝෂිත රාජපක්ෂගේ ආරක්ෂාවට මේ ඩබල් කැබ් රථ 3ක් ලබාදී ඇති බව වාර්තා වේ.

එම ඩබල් කැබ් රථ 3 වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය සමග ඍජුවම සම්බන්ධ බවට විමර්ශන අංශ මීට පෙර තොරතුරු අනාවරණය කරගෙන තිබුණ බව වාර්තා වේ.

මෙම වාහන 3ට අදාළ ධාවන සටහන් නොමැති වීම සහ තිබෙන ධාවන සටහන් විධිමත් නොවීම ඇතුළු ගැටලු රැසක් මතුව ඇත.

එම වාහන සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී අනාවරණය වී ඇත්තේ, ඒවා වෙනත් අපරාධ සඳහා යොදාගෙන ඇති බවත් පාර්ශ්ව ගණනාවක් ඒවා භාවිත කර ඇති බවයි.

Follow WhatsApp Channel