Local news

ඉන්ධන ලීටරයකට රජයෙන් ලැබෙන සහනාධාර මුදල

ඉන්ධන ලීටරයකට රජයෙන් ලැබෙන සහනාධාර මුදල

ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 80 – 100ත් අතර සහනාධාරයක් රජය මගින් ලබාදීමට සැලසුම් කර ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

ඒ අනුව, මේ මස අවසානයේ සිට එම සහනාධාරය ලබාදීමට අවධානය යොමුවී ඇති බවද බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

ඉන්ධන අලෙවි කිරීමෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු ඉන්ධන අලෙවි කරන සමාගම් ලබන පාඩුව පිළිබඳව සංඛ්‍යා දත්ත මේ වනවිට ඉල්ලා ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

එම දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ලබාදෙන සහනාධාර මුදල කොපමණද යන්න නිශ්චිතවම තීරණය කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

අලුත්ම වෙනස ජනපති ප්‍රධානත්වයෙන්

අලුත්ම වෙනස ජනපති ප්‍රධානත්වයෙන්

මෙරටට අලුතින් ගෙන්වන ලද මෙට්‍රෝ බස් 104 ලබන (29) වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ධාවනය ආරම්භ කිරීමට නියමිතය.

ඒ අනුව නව මෙට්‍රෝ බස් 104 කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් බස්නාහිර පළාතේ මාර්ග 7ක ධාවනය සදහා යෙදවීමට නියමිතය.

මගී ජනතාවට ආරක්ෂිත, සුවපහසු සහ විශ්වාසදායක ප්‍රවාහන සේවාවක් ලබාදීම මෙන්ම පෞද්ගලික වාහන භාවිතය සහ කොළඹ නගරයේ රථවාහන තදබදය අඩු කිරීමට දායක වීම මෙම වැඩපිළිවෙළේ අරමුණු වේ.

බස් ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක වන නියමිත වේලාවන්හිදී සියලුම බස් රථවලට ඒවා භාවිත කළ හැකි බව ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගමේ සභාපති එස්.එම්.යූ.පී. තිලකරත්න සඳහන් කරයි.

එම වේලාවන්හිදී වෙනත් වාහන මෙම මංතීරු භාවිත නොකර අදාළ රථවාහන නීති පිළිපදින ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවත් නීති උල්ලංඝනය කරන රියදුරන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද සඳහන් කරයි.

කථානායකවරයාට එරෙහිව විශ්වාසභංගයක්

කථානායකවරයාට එරෙහිව විශ්වාසභංගයක්

සමගි ජන බලවේගය විසින් කථානයක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණය කර ඇත.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගත් තීරණයකට අනුව මෙම යෝජනාව ගෙන එන බව සමගි ජන බලවේග මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කරයි.

කථානායකවරයා සම්බන්ධයෙන් කරුණු 40කට අධික සංඛ්‍යාවක් මෙම විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කර ඇති බව මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කරයි.

ඒ අනුව අදාළ යෝජනාව නුදුරු දිනකදී කථානායකවරයා වෙත භාරදීමට නියමිත බවද මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ නිර්මාණය කළ TruePass ඩිජිටල් අනන්‍යතා වේදිකාව එළිදකී

ශ්‍රී ලංකාවේ නිර්මාණය කළ TruePass ඩිජිටල් අනන්‍යතා වේදිකාව එළිදකී

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ප්‍රකාශන ක්ෂේත්‍රය වෙනුවෙන් මෙරටදීම නිර්මාණය කළ TruePass ඩිජිටල් අනන්‍යතා සහ සත්‍යාපන (Digital Identity & Authentication) වේදිකාව පසුගිය (17) වැනිදා කොළඹදී නිල වශයෙන් එළිදක්වන ලදී.

ඩිජිටල් ප්‍රකාශකයන්ට තම පාඨකයන් සමඟ වඩාත් සෘජු, විශ්වාසනීය සහ දිගුකාලීන සබඳතාවක් ගොඩනගා ගැනීමට අවශ්‍ය තාක්ෂණික පදනමක් සැපයීම TruePass හි මූලික අරමුණයි.

මෙම එළි දැක්වීමේ සුවිශේෂී අවස්ථාවක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ඩිජිටල් මාධ්‍ය ආයතන රැසක් මෙම සන්ධානය සමඟ එක්විය.

මෙවැනි ප්‍රමුඛ ප්‍රකාශකයන් එකම දැක්මක් වටා එක්වීම, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ප්‍රකාශන ක්ෂේත්‍රයේ මෙතෙක් පැවති වැදගත් තාක්ෂණික හිඩැසක් පිළිබඳ කර්මාන්තයේ අවධානය පෙන්නුම් කරයි.

එනම්, හඳුනා නොගත් (anonymous) වෙබ් අඩවි ප්‍රේක්ෂකයන්ගෙන් ඔබ්බට ගොස්, තමන්ගේම First-Party Audience Relationships ගොඩනගා ගැනීමට ප්‍රකාශකයන්ට හැකිවන විශ්වාසනීය identity සහ authentication layer එකක අවශ්‍යතාවයයි.

TruePass Media Alliance මඟින් ප්‍රකාශකයා සහ පාඨකයා අතර සෘජු සබඳතාව ශක්තිමත් කිරීම, තමන්ගේම first-party audience data පිළිබඳ වැඩි පාලනයක් ලබා ගැනීම සහ ඩිජිටල් මාධ්‍ය සඳහා තිරසාර ආදායම් ආකෘති ගොඩනැගීම සඳහා ශක්තිමත් පදනමක් නිර්මාණය කිරීමේ පොදු දැක්මක් ඉදිරිපත් කරයි.

රුපියල් මිලියන 70ක් අල්ලස්.. නාමල්ගෙන් ප්‍රශ්න කරයි

රුපියල් මිලියන 70ක් අල්ලස්.. නාමල්ගෙන් ප්‍රශ්න කරයි

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන විසින් නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශනයට අදාළව එම ප්‍රකාශය ලබාගත් බව අල්ලස් කොමිසම සඳහන් කරයි.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටි ඉඩමක් ක්‍රිෂ්  සමාගම වෙත ලබා ගැනීමට හා ඊට අදාළ අනුමැතිය කඩිනම් කර ගැනීමට සහය ලබාදීම වෙනුවෙන් අවස්ථා 3කදී නාමල් රාජපක්ෂ වෙත අදාළ අල්ලස් මුදල ලබාදී ඇත.

ඒ අනුව අල්ලස් කොමිසමේ නිලධාරීන් පිරිසක් අද (25) කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත ගොස් නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බව අල්ලස් කොමිසම සඳහන් කරයි.

පොළොන්නරුව රෝහලේ පිපිරීමෙන් සේවකයෙක් මරුට

පොළොන්නරුව රෝහලේ පිපිරීමෙන් සේවකයෙක් මරුට

පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ පිපිරීමෙන් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි සෞඛ්‍ය කාර්ය සහයකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 36 හැවිරිදි ගල්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ අනෙක් දෙදෙනා තවදුරටත් එම ඒකකයේ ප්‍රතිකාර ලබයි.

රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ අද (26) අලුයම 4.00ට පමණ සිදුවූ මෙම පිපිරීමෙන් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කරනු ලැබීය.

විදෙස් ගතවන ශ්‍රී ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

විදෙස් ගතවන ශ්‍රී ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

ජපාන සහ රුමේනියා රැකියා සඳහා ප්‍රථමවරට විදෙස් ගතවන ශ්‍රී ලාංකිකයින්ට කාර්යාංශයේ ලියාපදිංචිය අනිවාර්ය කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

ජපාන සහ රුමේනියා රැකියා සඳහා විදෙස්ගතවන ශ්‍රමිකයින් වෙනුවෙන් විගමණික පුහුණු පාඨමාලාවක් ආරම්භ කර ඇති බවද එම කාර්යාංශය සඳහන් කරයි.

එම පුහුණුව නොමැති ශ්‍රමිකයින්ට කාර්යාංශයේ ලියාපදංචිය ලබාදෙන්නේ නැති බවත් අදාළ පාඨමාලාව සම්පූර්ණ කිරීම ද අනිවාර්ය බවද එම කාර්යාංශය සඳහන් කරයි.

ජපානයේ රැකියා අපේක්ෂිත පුද්ගලයින්ට දින දෙකක පුහුණුවක් ලබාදෙන අතර රුමේනියාවේ රැකියා සදහා යන පුද්ගලයින්ට දින තුනක පුහුණුවක් ලබාදෙයි.

එම අනිවාර්ය පුහුණු පාඨමාලාව සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සියලු ශාඛා කාර්යාල වලින් ලියාපදිංචි විය හැකියි.

තවත් වනාන්තර 20ක් රක්ෂිත බවට පත් කරයි

තවත් වනාන්තර 20ක් රක්ෂිත බවට පත් කරයි

“වනස්පති” ජාතික වැඩසටහනට සමගාමීව අද (26) දින වනාන්තර 20ක්, රක්ෂිත ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරේ.

ඒ අනූව නුවරඑළිය, කෑගල්ල, අම්පාර, බදුල්ල, වව්නියාව සහ අනුරාධපුර වල දිස්ත්‍රික්ක තුළ පිහිටි වනාන්තර 20ක් එලෙස රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

පරිසර අමාත්‍යංශය, මේ වනවිට වනාන්තර 93ක් රක්ෂිත ලෙස ගැසට් කර ඇති අතර අද දින රක්ෂිත ලෙස ගැසට් කරන වනාන්තර 20 සමග මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 65,000කට ආසන්නයි.

ගල්අඟුරු වංචාව.. හිටපු ඇමති රංජිත්ගෙන් ප්‍රශ්න කරයි

ගල්අඟුරු වංචාව.. හිටපු ඇමති රංජිත්ගෙන් ප්‍රශ්න කරයි

හිටපු බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටියගෙන් පසුගියදා ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති ‌කොමිෂන් සභාව ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

මේ සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටියගෙන් මෙම ජනාධිපති ‌කොමිෂන් සභාව ප්‍රකාශයක් සටහන් කර ගත් දෙවැනි අවස්ථාව මෙයයි.

පසුගිය 2009 වසරේ සිට මේ දක්වා සිදුවූ ගල් අඟුරු මිලදී ගැනීමේ ආක්‍රමිකතා විමර්ශන කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම කොමිෂන් සභාව පත් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංගගේ සභාපතිත්වයෙන් යුතු මෙම කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පට බැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න කටයුතු කරයි.

නාමල් බන්ධනාගාරයේ හිටියට වන්, ටූ, ත්‍රී, ෆෝ අපි යනවා ඉදිරියට

නාමල් බන්ධනාගාරයේ හිටියට වන්, ටූ, ත්‍රී, ෆෝ අපි යනවා ඉදිරියට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු නාමල් රාජපක්ෂට නොබෝ දිනකින් ඇප ලැබෙයි කියා විශ්වාසය කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර සඳහන් කරයි.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිරගත වෙලා හිටියට ඔක්කොම එකතු වී වන්, ටූ, ත්‍රී, ෆෝ කියලා ඉදිරි වැඩකටයුතු එළියේ ඉදන් සිදුකරන බවද ප්‍රසන්න රණවීර සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රසන්න රණවීර සඳහන් කළේ,

“අපි විශ්වාස කරනවා අධිකරණය ස්වාධීනව කටයුතු කරයි කියලා විශ්වාසය අපි තුළ තියෙනවා. ඒ තුළ අපි විශ්වාස කරනවා නාමල් රාජපක්ෂ මැතිතුමාට නොබෝ දිනකින් ඇප ලැබෙයි කියන විශ්වාසය තියෙනවා.”

“එතුමා සිරගත වෙලා හිටියට අපි ඔක්කොම එකතු වෙලා අපේ ගේම් වන්, ටූ, ත්‍රී, ෆෝ කියලා අපි තියෙනවා. ඒ අනුව ඉදිරි වැඩකටයුතු කරන් යනවා. නායකයෙක් නෑ කියලා නෑ. එතුමා ඉන්නවා. එතුමාගේ උපදෙස් පරිදි ඉතිරි වැඩකටයුතු එළියේ ඉදන් කරන් යනවා.“

Follow WhatsApp Channel