Local news

අලුත්ම වෙනසක්.. 100 for 100 ඇරඹෙයි

අලුත්ම වෙනසක්.. 100 for 100 ඇරඹෙයි

මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ (National Council for Road Safety) සංවිධායකත්වයෙන් හේලීස් ඇඩ්වාන්ටීස් සමාගම (Hayleys Advantis Ltd.) විසින් 100 for 100 – ජාතික ආයතනික යතුරු පැදි ධාවන සුරක්ෂිතතා වැඩසටහන නිල වශයෙන් ආරම්භ කළේය.

මාර්ග ආරක්ෂණ ජාතික වැඩසටහනට පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගනිමින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශ සැලසුම් කර ඇත.

රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහභාගිත්වයෙන් ක්‍රියාත්මක මෙම ජාතික වැඩසටහන සඳහා පෞද්ගලික ආයතන 100ක් සම්බන්ධ කර ගනිමින් ඉන් එක් එක් ආයතන මගින් යතුරු පැදි ධාවකයින් 100 දෙනෙකු ඊට දායක කරගැනේ.

සුරක්ෂිත රිය ධාවනයට දැනුම ලබාදීම සහ ඊට අදාල සුරක්ෂිතතා සහාය සැපයීම සඳහා සේවා ස්ථාන, භාණ්ඩ බෙදාහැරීමේ ජාල සහ ආයතනික ප්‍රජාවන් යොදාගැනීම මගින් යතුරුපැදි ධාවකයින්ට පොදු සම්බන්ධතා මධ්‍යස්ථානයක් නොමැතිකමින් පැන නැගී ඇති ගැටළුවලට මෙම වැඩසටහන මගින් විසඳුම් සැපයීම සිදුකරයි.

100 for 100 යනු යතුරුපැදි ධාවකයින්ගේ සුරක්ෂිතතාව පිළිබඳ ජාතික ව්‍යාපාරයක් වන අතර සමාගම්, ආයතන, භාණ්ඩ බෙදාහැරීමේ ව්‍යාපාර 100 ක් සම්බන්ධ කරගනිමින් එක් එක් ආයතනය මගින් යතුරුපැදි ධාවකයින් 100 දෙනෙකු මෙම වැඩසටහනට දායක කරගැනේ.

සුරක්ෂිත ධාවන පුහුණුව සහ ඊට අදාල සුරක්ෂිතතා ක්‍රියාමාර්ග හරහා ධාවකයින් 10,000ක් වෙත ළඟාවීමටත් මාර්ග ආරක්ෂාව පිළිබඳ පුළුල් වගකීම් සහගත සංස්කෘතියක් ගොඩනැගීමටත් මෙම වැඩසටහන මගින් සැලසුම් කර ඇත.

එළියට ආව විතරයි.. චරිත්ගේ ආයෙත් ලීක්

එළියට ආව විතරයි.. චරිත්ගේ ආයෙත් ලීක්

රුපියල් කෝටි ගණනක මුදල් ගනුදෙනු, ජාත්‍යන්තර මට්ටමේ පාතාල සබඳතා සහ ප්‍රසිද්ධ දේශපාලඥයින්ගේ පුතුන් ගැන කරුණු රැසක් අනාවරණය වන දුරකථන සංවාදයක හඬපටයක් ගැන කතාබහට ලක්ව ඇත.

සමගි ජන බලවේගයේ හොරණ හිටපු සංවිධායක චරිත් අබේසිංහ සහ හර්බි නැමැති පුද්ගලයා අතර මෙම සංවාදය සිදුව ඇති අතර එම හඬපටයට අනුව, රුපියල් ලක්ෂ 200ක මුදල් ගනුදෙනුවක් පිළිබඳව හර්බි නැමැත්තා කරුණු අනාවරණය කර ඇත.

තවද හිටපු අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු වන රඛිත රාජපක්ෂ මෙම ගනුදෙනු වලට සම්බන්ධ බවත් ඔහු සහ තවත් පිරිසක් එක්ව සිදුකරන ඇතැම් ක්‍රියාවන් පිළිබඳව තමන් කලකිරීමෙන් පසුවන බවද හර්බි නැමැත්තා ප්‍රකාශ කරයි.

සංවාදය පුරාම දේශපාලන බලය සහ පාතාල සබඳතා භාවිත කරමින් සිදුකරන විවිධ ‘ඩීල්’ පිළිබඳව ඉඟි පළවන අතර නාමල්, චිචී, සාගල, කෙහෙළිය වැනි නම් මෙහිදී සඳහන් වේ.

‘මධූ’ නැමැති කාන්තාවකගේ මුදල් සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර ඇය සතු රුපියල් ලක්ෂ 800ක මුදලක් පිළිබඳව සහ ඇය පත්ව ඇති අසීරුතාවය ගැන හර්බි කරුණු දක්වයි. 

තමන් මෙම ගනුදෙනුවලින් රුපියලක් හෝ බලාපොරොත්තු නොවන බවත් තමන්ට අවශ්‍ය වන්නේ තම හිතවතුන් වෙනුවෙන් පෙනී සිටීම පමණක් බවත් පොරොන්දු වු ලෙස වැඩකටයුතු සිදු නොවීම ගැන හර්බි නැමැත්තා චරිත්ට දොස් පවරයි.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, එවක ජනාධිපතිවරයා වැනි ඉහළ නිලධාරීන් ලවා මේ වැඩ ටික කරවගන්න ලොකු මුදලක් ලබාදෙන්න සිදුවන බව මෙතනදී චරිත් අබේසිංහ කරන ප්‍රකාශයකින් අසන්නට ලැබෙනවා.

මර්වින්ගේ සල්ලි හුටපටය.. කෝප වූ රිතූ පාඩමක් උගන්නයි

මර්වින්ගේ සල්ලි හුටපටය.. කෝප වූ රිතූ පාඩමක් උගන්නයි

ප්‍රසිද්ධ දේශපාලනඥයෙකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුවකට අදාළ අධිචෝදනා පත්‍රයේ තමන්ගේ නම සහ බැංකු ගිණුම් තොරතුරු භාවිත කරමින් පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව රංගන ශිල්පිනී රිතූ ආකර්ෂා සඳහන් කරයි.

බැංකු ගිණුම තමන්ගේ එකක් නොවන බවත් ඒ හා සම්බන්ධයෙන් තමන්ව ඉලක්ක කරගනිමින් ව්‍යාජ පුවත් පලකළ පිරිස්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද රංගන ශිල්පිනී රිතූ ආකර්ෂා සඳහන් කරයි.

සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ නිල නිවේදනයක් නිකුත් කරමින් රංගන ශිල්පිනී රිතූ ආකර්ෂා මේ බව සඳහන් කරයි.

අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණයේ නඩු අංක HCB 387/25 යටතේ ප්‍රසිද්ධ දේශපාලකයෙකුට එරෙහිව පවරා ඇති නඩුකරයට අදාළ අධිචෝදනාපත්‍රයේ DFCC බැංකුවේ රිතූ ආකර්ෂා යන අයගේ ගිණුම් අංක 027104000818 යන ගිණුමට 2010 වර්ෂයේ සිට 2012 වර්ෂය දක්වා, මුදල් බැර කිරීම සම්බන්ධයෙන් චෝදනාවක් ගොනු කර ඇති අතර, ප්‍රසිද්ධ/ වගකිවයුතු පුවත්පත් මාධ්‍ය හා සමාජ මාධ්‍ය වෙබ් අඩවි මඟින්, මාගේ රූපය හා මාගේ නම භාවිතා කරමින් එකී ගනුදෙණුවට මා සම්බන්ධ කරමින් හා/හෝ මා සම්බන්ධ බවට ඉඟි කරමින් පුවත් පළකර ඇත.

කෙසේ වෙතත්, මා වගකිවයුතු ලෙස ප්‍රකාශ කරන්නේ, ඉහත කී DFCC බැංකුවේ කිසිදු ගිණුමක් මේ දක්වා මා හට නොමැති බවත්, ඉහත අංක 027104000818 යන ගිණුම මා සතු ගිණුමක් නොවන බවත් ය. ඒ බව සනාථ කරමින් මාගේ ඉල්ලීම මත, DFCC බැංකුව විසින් නිකුත් කර ඇති ලිපිය මේ සමඟ අමුණා ඇත.

තවද, අධිචෝදනාපත්‍රයේ සඳහන්ව ඇති 2010-2012 කාල පරිච්ඡේදයේ දී මා පාසල් ශිෂ්‍යාවක් බවත් මම දන්වා සිටිමි.

ඒ අනුව, මාගේ ප්‍රතිරූපයට, වෘත්තීමය කීර්තියට හානි කරමින්, මා සම්බන්ධ කරමින් හා/හෝ මා සම්බන්ධ බවට ඉඟි කරමින් ව්‍යාජ පුවත් හා තොරතුරු පළ කර ඇති පුවත්පත් මාධ්‍ය හා සමාජ මාධ්‍ය වෙබ් අඩවි හා අනෙකුත් සමාජ මාධ්‍ය ගිණුම් හිමියන්ට එරෙහිව දැනටමත් නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, එකී ව්‍යාජ, සංස්කරණය කරන ලද තොරතුරු මාගේ ප්‍රතිරූපයට, වෘත්තීමය කීර්තියට හානි කරමින් පළ කරනු ලබන ඕනෑම අයෙකුට විරුද්ධව ද නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව තවදුරටත් දන්වා සිටිමි.”

කට නිසා සාගරට වැඩ වරදී

කට නිසා සාගරට වැඩ වරදී

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් සිදුකරන ලද ප්‍රකාශයක් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවත් ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ,

අපි වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මැතිතුමාට ඉතාම ගෞරවයෙන් කියා සිටිනවා. ඔබතුමා දැන්වත් ආණ්ඩුවට සේවය කරන එක නවත්තලා රජයට සහ ජනතාවට සේවය කරන්න පටන් ගන්න. මොකද අපි කැමති නෑ මහපාරේ මිනිස්සුන්ගෙන් ගුටි කාලා මැරිච්ච පොලිස්පතිවරයා හැටියට 37 වැනි පොලිස්පතිවරයා හැටියට ඉතිහාසගත වෙනවාට.”

මේ සම්බන්ධයෙන් අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ,

ඔවුන්ට බලය වෙනුවෙන් එවැනි ක්‍රියාමාර්ග ගන්න තියෙන හැකියාව තමයි නැවත නැවත ඔවුන් මේ ඔප්පු කරමින් ඉන්නේ. මේ වෙනකොට වර්තමාන පොලිස්පතිතුමා විශේෂයෙන් තමන්ගේ සේවාව කාර්යක්ෂමව, මැනවින් ඉටු කරමින් ඉන්නවා.”

ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරයේ බොහෝ පිරිස් විවිධ වංචා වලට සම්බන්ධ වෙලා, මහජන දේපල කොල්ලකෑමට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ පිළිබඳව විමර්ශන ඉතාම කාර්යක්ෂමව සිද්ධ වෙමින් පවතිනවා. මෙවැනි දූෂිතයන් මේ වෙනකොට බියට පත්වෙලා මේ වගේ මනෝ විකාර ප්‍රකාශ කරනවා.”

කඳ තියනවා.. හිස නෑ.. ඇති ප්‍රයෝජනය මොකක්ද

කඳ තියනවා.. හිස නෑ.. ඇති ප්‍රයෝජනය මොකක්ද

ලංකාවේ බන්ධනාගාර වල භයානක තත්ත්වයක් ඇතිව තිබෙන බවත් මේ වනවිට බන්ධනාගර කොමසාරිස් ජනරාල්වරයෙක් නොමැති බව ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය කැඳවුම්කරු මහාචාර්ය ජී.එල් පීරිස් සඳහන් කරයි.

මහාචාර්ය ජී.එල් පීරිස් සඳහන් කළේ,

ඉතාමත් භයානක තත්ත්වයක් ඇතිවෙලා තියනවා. අරාජික තත්ත්වය ශ්‍රී ලංකාවේ බන්ධනාගාර වල. ප්‍රධානියෙක් නෑ. කොමසාරි ජනරල්වරයෙක් මේ රටේ නෑ. එතකොට කඳ තියනවා, හිස නෑ.

මීට ඉස්සල්ලා හිටියේ තුෂාර උපුල්දෙනිය. එතුමාගේ වැඩ තහනම් කළා. එතකොට මානව හිමිකම කොමිෂන් සභාව නියෝගයක් දුන්නා එතුමාව ආයේ පත් කරන්න කියලා.

කිසිසේත් ඒ නියෝගය ගණන් ගත්තේ නෑ. ඉතින් එහෙනම් මානව හිමිකම් කොම්ෂන් සභාවක් මේ රටේ තියෙන එකේ ප්‍රයෝජනය මොකක්ද.”

මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්ය ජී.එල් පීරිස් මේ බව සඳහන් කරයි.

පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ජංගම මුළුතැන්ගෙවල් සූදානම්

පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ජංගම මුළුතැන්ගෙවල් සූදානම්

පවතින ආපද‍ා තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට කඩිනමින් ආහාර පහසුකම් සැලසීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජංගම මුළුතැන්ගෙවල් හතරක් (04) සූදානම් කර ඇත.

අවශ්‍යතාව මත ක්ෂණිකව උණුසුම් ආහාර සැපයීම සඳහා එම ජංගම මුළුතැන්ගෙවල් යෙදවීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විටත් සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරයි.

ජනතාවගේ ජීවිත ආරක්ෂාව සහ සුභසාධනය වෙනුවෙන් අඛණ්ඩව කැපවී සිටින බවද ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරයි.

පොල්පිටියේ ඛේදවාචකය.. අතුරුදන් වූ සිරුරු සොයාගනී

පොල්පිටියේ ඛේදවාචකය.. අතුරුදන් වූ සිරුරු සොයාගනී

පවතින අධික වර්ෂාපතනයත් සමඟ ඇති වූ නායයෑම් තත්ත්වයක් නිසා ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් අනතුරට ලක්ව අතුරුදන්ව සිටි පුද්ගලයින් සිව්දෙනාගේම මෘත ශරීර සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.

අනතුරින් අතුරුදහන් වූවන් සෙවීම සඳහා ක්‍රියාත්මක කළ සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් වලදී පළමුවෙන් කාන්තාවකගේ සිරුර සොයාගත් අතර අනතුරුව තවත් කාන්තාවන් දෙදෙනෙකුගේ සහ පිරිමි පුද්ගලයෙකුගේ සිරුරු සොයාගත් බව පොල්පිටිය පොලීසිය සඳහන් කරයි.

මහර මියගිය රැඳවියාගේ මරණ පරීක්ෂණය – දේහය භාරදෙයි

මහර මියගිය රැඳවියාගේ මරණ පරීක්ෂණය – දේහය භාරදෙයි

මහර බන්ධනාගාර ගැටුමෙන් මියගිය රැඳවියාගේ මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (03) දින සිදුකර ඇත.

විශේෂ අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් විසින් රාගම රෝහල් මෘත ශරීරාගාරයේදී මරණ පරීක්ෂණය සිදුකර ඇති අතර එහිදී මරණයට හේතුව අධික ලෙස රුධිරය වහනය වීම බවට තීන්දු කර ඇති බව වාර්තා වේ.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව, අදාළ රැඳවියාගේ මෘත ශරීරය අද දින සවස වත්තල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ ඥාතීන් වෙත භාරදී ඇත.

විදුලි ගාස්තු සංශෝධනය ගැන දැනුම්දීමක්

විදුලි ගාස්තු සංශෝධනය ගැන දැනුම්දීමක්

විදුලි ගාස්තු සංශෝධනය ගැන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව දැනුම්දීමක් කර ඇත.

ඒ අනුව 2026 වසරේ තෙවන කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර ඇත.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ජාතික පද්ධති මෙහෙයුම් සමාගම (NSO) තෙවන කාර්තුව සඳහා ඉදිරිපත් කළ විදුලි සැපයුම් පිරිවැය සමාලෝචනය කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත. 

සියලු ගැළපීම් කිරීමෙන් අනතුරුව 2026 තෙවන කාර්තුවේදී විදුලිය සැපයීම සදහා වන පිරිවැය ඉහළ යාම සියයට 0.3 කට (රුපියල් මිලියන 417කට) සීමාවී ඇති බව ඇස්තමේන්තු කළ බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කරයි.

එනිසා තෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බවත් දෙවන කාර්තුවේ පැවති ගාස්තු ක්‍රමය මෙම කාර්තුව තුළදී ද බලාත්මක කරන බව සඳහන් කරයි.

අත්අඩංගුවට ගන්න එපා කියන ගෝඨාභයට දින නියම කරයි

අත්අඩංගුවට ගන්න එපා කියන ගෝඨාභයට දින නියම කරයි

පාස්කු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලීම අවසන් කළේය.

ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලීම අවසන් කළ අභියාචනාධිකරණය එම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද.? නැද්ද.? යන නියෝගය සැප්තැම්බර් මස (22) වනදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළේය.

මෙම නඩුකරයට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා මේ මස (31) වනදාට පෙර ගොනුකරන ලෙසද විනිසුරු මඩුල්ල නියම කර ඇත.