Local news

චන්ද්‍රසේනට එරෙහිව අධි චෝදනා ගොනු කරයි

චන්ද්‍රසේනට එරෙහිව අධි චෝදනා ගොනු කරයි

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර ඇති බව අල්ලස් කොමිසම විසින් අද (28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ දැනුම් දී ඇත.

එස්.එම්. චන්ද්‍රසේනට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර ඇති බැවින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු අවසන් කරන බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේය.

ඇප මත මුදාහැර සිටින එස්.එම්. චන්ද්‍රසේන අද දින විවෘත අධිකරණයේ පෙනී සිටි අතර නියමිත දින මහාධිකරණයේ පෙනී සිටින ලෙසට මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුට නියෝග කර ඇත.

සියලු ජනතාවට ජන ජීවිතය පවත්වාගෙන යාම වෙනුවෙන් මූලික කරුණු 05ක්

සියලු ජනතාවට ජන ජීවිතය පවත්වාගෙන යාම වෙනුවෙන් මූලික කරුණු 05ක්

සියලු ජනතාවට ජන ජීවිතය පවත්වාගෙන යාම වෙනුවෙන් මූලික කරුණු 05ක් අවශ්‍ය වන බවත් නිවසක්, ආදායම් මාර්ගයක්, දරුවන්ට අධ්‍යාපනය, නිරෝගී සම්පන්න ජීවිතයක් සහ මානසික සුවය එම කරුණු 05 බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

රටේ සෑම ජන කණ්ඩායමකගේම මූලික අවශ්‍යතා ඉටු කර දීම රජයේ අභියෝගය සහ පැවරී තිබෙන වගකීමක් බවත් ඒ වෙනුවෙන් ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කර තිබෙන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“වසර 200කට වඩා වැඩි කාලයක් අපේ රටේ ආර්ථිකය ගොඩනැගීමට දායක වී සිටින මෙම මලෛයගම් ජනතාව අපේම ජනතාවක්. ඔවුන් ආවේ කොහෙන්ද, ආවේ කවදාද කියන එක වැදගත් නැහැ. එය ඉතිහාසයයි.

හැබැයි අද අපේ රටේ උපදින, රටේ ආර්ථිකයට දායක වන, මේ මහපොළවේ පස් බවට පත්වන මේ ජන කණ්ඩායම අපේ රටේම ජනතාවක්. සියවස් දෙකකට අධික කාලයක් ජීවත් වුවත් ඔවුන් මේ මාතෘ භූමියේ තමන්ගේම බිම් කොටසක උරුමයක් නොමැති ජන ප්‍රජාවක්. තමන්ගේම නිවසක් අහිමි වූ ජනතාවක්.

සියලු ජනතාවට ජන ජීවිතය පවත්වාගෙන යාම වෙනුවෙන් මූලික කරුණු 05ක් අවශ්‍ය වෙනවා. නිවසක්, ආදායම් මාර්ගයක්, දරුවන්ට අධ්‍යාපනය, නිරෝගී සම්පන්න ජීවිතයක් සහ මානසික සුවය එම කරුණු 05 වෙනවා. හැබැයි මේ මලෛයගම් ජනතාව දෙස බැලුවොත් මේ කරුණු වලින් කුමන කරුණුද ඉටු වී තිබෙන්නේ.

ඒ නිසා මේ සෑම ජන කණ්ඩායමකගේම මූලික අවශ්‍යතා ඉටු කර දීම අප රජයේ අභියෝගය සහ අප වෙත පැවරී තිබෙන වගකීම වෙනවා. ඒ වෙනුවෙන් අපි නිවාස ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කර තිබෙනවා. එළැඹෙන අයවැය ලේඛනයේදීත් නිවාස ඉදිකිරීම වෙනුවෙන් ප්‍රමුඛත්වයක් ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම ජනතාවට හොඳ අදායම් මාර්ගයක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් අපි බොහෝ පියවර ගෙන තිබෙනවා. දැනටමත් අපි මෛලයගම් ප්‍රජාව වෙනුවෙන් වැටුප් වැඩි වීමක් ලබා දීමට සමත් වී තිබෙනවා. එය ප්‍රමාණවත් බව මම විශ්වාස කරන්නේ නැහැ. එහෙත් මූලික පියවර තබා තිබෙනවා.

ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ අපි විශාල අවධානයක් යොමු කරනවා. සියවස් ගණනාවක් මේ ප්‍රජාව ගතකළ ජීවිතය ඔවුන්ගේ දරුවන්ට උරුම කර දීම යුක්ති සහගත වන්නේ නැහැ. වත්තේ ඉපදෙනවා, වත්තේ වැඩ කරනවා, වත්තේම මිය යනවා.

එම ජීවිතයෙන් ඔවුන් එළියට ආ යුතුයි. එහිදී ප්‍රධාන වන්නේ අධ්‍යාපනයයි. ඒ නිසා මෙම දරුවන්ගේ අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානය යොමු කර වැඩ කිරීමට අපි සූදානම්.”

වෙඩි නොවදින වාහනයක් පැද්දට ඉන්ධන අවභාවිතා කළේ නෑ.. මම කියන්නේ ඇත්ත

වෙඩි නොවදින වාහනයක් පැද්දට ඉන්ධන අවභාවිතා කළේ නෑ.. මම කියන්නේ ඇත්ත

තමන් කථානායක ධුරය දැරූ සමයේ වාහන නවයක් භාවිතා කළ බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් තමන් භාවිතා කළේ පාර්ලිමේන්තුව මගින් නිල වශයෙන් ලබාදුන් වාහන පමණක් බව හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කරයි.

2015 සිට 2024 දක්වා කාලයේ පාර්ලිමේන්තුවේ විවිධ තනතුරු දැරූ පුද්ගලයන්ගේ වාහන භාවිතය පිළිබඳව ඉදිරිපත් කර ඇති නිරීක්ෂණ සම්බන්ධයෙන් මහජනතාව තුළ වැරදි අවබෝධයක් ඇති කිරීමට ඇතැම් පාර්ශව උත්සාහ දරන බවද මහින්ද යාපා අබේවර්ධන සඳහන් කරයි.

වාහන සහ ඉන්ධන භාවිතය සම්බන්ධයෙන් නිකුත් වූ විශේෂ විගණන වාර්තාවේ අන්තර්ගත දත්ත, ඇතැම් පිරිස් විසින් දේශපාලන අරමුණු වෙනුවෙන් විකෘති කරමින් සමාජගත කරන බවද මහින්ද යාපා අබේවර්ධන විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම වාහන සියල්ල ජනාධිපති ලේකම්වරයාගේ චක්‍රලේඛ සහ රාජ්‍ය ප්‍රතිපාදනවලට අනුකූලව ආරක්ෂක අවශ්‍යතා වෙනුවෙන් ලබාදුන් ඒවා බවත් “අධික පුද්ගලික ඉන්ධන භාවිතයක්” ලෙස අර්ථ දැක්වීම සත්‍ය විකෘති කිරීමක් බවද මහින්ද යාපා අබේවර්ධන සඳහන් කරයි.

පසුගිය 2022 වසරේ ජූලි මාසයෙන් පසු රටේ පැවති සුවිශේෂී ආරක්ෂක තත්ත්වය හමුවේ, කථානායකවරයාගේ ආරක්ෂාව සඳහා අතිරේක භට පිරිස් සහ ආරක්ෂක රථ යෙදවීමට සිදුවූ බවද මහින්ද යාපා අබේවර්ධන සඳහන් කරයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශ මත ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාදුන්, ඉන්ධන පරිභෝජනය ඉතා අධික, වෙඩි නොවදින (Bulletproof) රථයක් භාවිත කිරීමට සිදුවීම මෙම ඉන්ධන පිරිවැය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් බවද මහින්ද යාපා අබේවර්ධන සඳහන් කරයි.

රටේ තෙවැනි පුරවැසියා ලෙස දිවයින පුරා සිදු කළ නිල සංචාරයන් සහ ආරක්ෂක රථ පෙළපාලි සඳහා වැය වූ ඉන්ධන ප්‍රමාණය, සාමාන්‍ය පුද්ගලයෙකුගේ පුද්ගලික වාහන භාවිතය සමඟ සැසඳීම අවිද්‍යාත්මක බවද මහින්ද යාපා අබේවර්ධන සඳහන් කරයි.

යම් අක්‍රමිකතාවක් සිදුවී ඇති බවට සාක්ෂි ඇත්නම් ඒ පිළිබඳව නීතිමය පියවර ගැනීමට තමන්ගේ කිසිදු විරෝධයක් නොමැති බවත් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් අර්ධ දත්ත භාවිතා කරමින් සත්‍යය විකෘති නොකරන ලෙසද මහින්ද යාපා අබේවර්ධන ඉල්ලා සිටියි.

ලඟදීම පාර්ලිමේන්තුවට එන අලුත් පනත.. සියලුම බලය ලබාදෙයි

ලඟදීම පාර්ලිමේන්තුවට එන අලුත් පනත.. සියලුම බලය ලබාදෙයි

අලුත් මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරියක් පිහිටු වීමට කටයුතු කරන බවත් මෙම වසර අවසානයේ හෝ ලබන වසර මුලදී මධ්‍ය කඳුකර ආරක්ෂණ අධිකාරි පනත පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

මධ්‍ය කඳුකර ආරක්ෂණ අධිකාරි පනත පාර්ලිමේන්තුවේ සම්මත කර නව අධිකාරියක් පිහිටුවන බවත් අනතුරුව පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා එම අධිකාරියට සියලු බලය ලබාදෙන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර සහිතව මධ්‍ය කඳුකර ආරක්ෂණ අධිකාරිය පිහිටුවන්න කටයුතු කරන බවත් මධ්‍ය කඳුකරය පැවති තත්ත්වයට පත්වෙන්න දශන ගණනාවක් ගතවිය හැකි වුවත්, සිදුවන විනාශයන් නතර කිරීමට කෙසේ හෝ පියවර ගතයුතු බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

‘නවෝදයාපුරම්’ නිවාස යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“අපේ රටේ අනාගතයේ වැදගත් කොටසක් ඔසවන්නේ මධ්‍ය කඳුකරය. අපේ වගකීම අපේ අනාගතයට මධ්‍ය පරිසරය සුරක්ෂිත කිරීම. මේ වැඩපිළිවෙළේදී නිවාස අහිමි වෙන්න පුළුවන්. වගාබිම් තිබෙන ප්‍රදේශ වනාන්තර වෙන්න පුළුවන්. නමුත් ඒක කරන්න ඕන.”

“සිදුවෙමින් තිබෙන විනාශය නතර කළ යුතුයි. ඒ සඳහා දෙපාර්තමේන්තු, ආයතන, වගකීම් සහිත විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ සියලු බලය ඒකාබද්ධ කරනවා.

අලුත් මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරියක් පිහිටු වීමට කටයුතු කරනවා. මේ වසර අවසානයේ හෝ ලබන වසර මුලදී ඒ පනත පාර්ලිමේන්තුවේ සම්මත කරලා නව අධිකාරියක් පිහිටුවනවා. අධිකාරියට සියලු බලය ලබාදෙනවා.”

නවෝදයාපුරම් නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට

නවෝදයාපුරම් නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට

පසුගිය 2023 වසරේ බණ්ඩාරවෙල පූනාගල කබරගල කන්ද නාය යාමෙන් නිවාස අහිමි වූ පවුල් සඳහා ඉදිරිකළ ‘නවෝදයාපුරම්’ නිවාස යෝජනා ක්‍රමය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කළේය.

ඒ අනුව වසර තුන හමාරකට ආසන්න කාලයක් අවතැන්ව සිටි පවුල් 50ක් සඳහා රජය විසින් ඉදිකිරීම ආරම්භ කළ මෙම නව නිවාස 50ක ව්‍යාපෘතිය අවසන් කළේය.

ඩිල්ෂාන්ගේ ඡායාරූප සහ වංචනික ක්‍රියා.. මොකක්ද මේ හුටපටේ

ඩිල්ෂාන්ගේ ඡායාරූප සහ වංචනික ක්‍රියා.. මොකක්ද මේ හුටපටේ

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ තමාට එරෙහිව අසත්‍ය සහ අපහාසාත්මක පුවත් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

තමන්ගේ නම සහ ඡායාරූප යොදාගෙන තමාට එරෙහිව මඩ ප්‍රහාරයක් ක්‍රියාත්මක වන බවත් තමන් අවුරුදු 20ක් හදාගත්ත ප්‍රතිරූපයට විශාල හානියක් සිදුකර ඇති බවද හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් සඳහන් කරයි.

මුදල් ඉපයීමේ පටු චේතනාවෙන් සමාජ මාධ්‍ය මෙහෙයවන පුද්ගලයන් දෙදෙනෙකු සහ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් විසින් තමාට එරෙහිව මෙම අසත්‍ය චෝදනා එල්ල කර තිබෙන බවද හිටපු ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් සඳහන් කරයි.

වසර ගණනාවක් කැපවීමෙන් ක්‍රීඩා කර රටට ලබාදුන් ගෞරවය මෙන්ම මගේ බිරිඳ, දරුවන් සහ ඥාතීන්ගේ පෞද්ගලිකත්වයටත් මෙමගින් විශාල අසාධාරණයක් සිදුව තිබෙන බවද හිටපු ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් සඳහන් කරයි.

ඉදිරියේදී තම නීතීඥයින් හරහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තමා සූදානම් බවද හිටපු ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් සඳහන් කරයි.

සංවිධානාත්මක අපරාධකරුවකු සමඟ තමන් සම්බන්ධ කරමින්, අයථා මූල්‍ය ගනුදෙනු හෝ වංචනික ක්‍රියාවල නිරත වන බවට හැඟවෙන පරිදි පළ කර ඇති වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව හිටපු ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් එම පැමිණිල්ලේ සඳහන් කර ඇත.

බිහිසුණු ගංවතුර බිලිගත් ජීවිත 470ක් දක්වා ඉහළ⁣ට

බිහිසුණු ගංවතුර බිලිගත් ජීවිත 470ක් දක්වා ඉහළ⁣ට

නේපාලයේ බිහිසුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 470 දක්වා ඉහළ ගොස් ඇති බව නේපාල පොලිසිය සඳහන් කරයි.

ත්‍රිශූලි ප්‍රදේශයේ උමඟක් තුළ සිරවී සිටි පුද්ගලයින් 450 දෙනාගෙන් වැඩි පිරිසක් ඇතුළුව සිය ගණනක් ආරක්ෂිතව මුදාගැනීමට සහන කණ්ඩායම් සමත්ව ඇත.

පසුගිය 2015 වසරේ සිදුවූ විනාශකාරී භූමිකම්පාවෙන් පසුව නේපාලය මුහුණ දුන් දරුණුතම ස්වාභාවික ව්‍යසනය මෙය ලෙස සැලකෙයි.

අපද්‍රව්‍ය හා මඩවලින් පිරී ගිය ත්‍රිශූලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් මාර්ග සහ වාහන රැසක් සම්පූර්ණයෙන්ම පාහේ වැළලී ගොස් ඇත.

රුමේෂ් තරංග නැවතත් ලක්මව රනින් සරසයි

රුමේෂ් තරංග නැවතත් ලක්මව රනින් සරසයි

ස්විට්සර්ලන්තයේ පැවති 2026 ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ ‘සූරිච්’ අදියරේ ද පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ පළමු ස්ථානය දිනාගැනීමට රුමේෂ් තරංග සමත් විය.

අද (28) අලුයම අවසන් වූ මෙම තරගයේදී රුමේෂ් තරංග මීටර් 92.07ක දක්ෂතාවක් දැක්වු අතර මෙය රුමේෂ් තරංග සිය වෘත්තීය ජීවිතය තුළ මීටර් 92 සීමාව අබිබවා විසිකළ දෙවන අවස්ථාව වේ.

පසුගිය ජුනි මාසයේ පැවැති රෝම ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී මීටර් 92.62ක දුරක් වාර්තා කරමින් නව ජාතික වාර්තාවක් පිහිටුවීමටද රුමේෂ් තරංග සමත් විය.

23 හැවිරිදි රුමේෂ් තරංග වත්මන් ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ පසුවෙයි.

නේපාලයේ මියගිය ගණන ඉහළ⁣ට

නේපාලයේ මියගිය ගණන ඉහළ⁣ට

නේපාලයේ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 389 දක්වා ඉහළ ගොස් ඇති බව නේපාල පොලීසිය සඳහන් කරයි.

නේපාල හමුදාව, සන්නද්ධ පොලිස් බළකාය සහ ජාතික පොලීසියට අයත් ආරක්ෂක නිලධාරීන් 13,000කට අධික පිරිසක් විපතට පත්වූවන් මෙහෙයුම් සඳහා යොදවා ඇති බව නේපාල අග්‍රාමාත්‍ය බාලේන්ද්‍ර ෂා සඳහන් කරයි.

ගුවනින් ගොස් පුද්ගලයින් 573 දෙනෙකු මුදාගෙන ඇති බවත් තාවකාලික සහන කඳවුරු ස්ථාපිත කර තුවාල ලැබූ ජනතාව සඳහා ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර ඇති බවද නේපාල අග්‍රාමාත්‍ය බාලේන්ද්‍ර ෂා සඳහන් කරයි.

සරෝජගේ කඳුලු වලට තිතක්.. 50කට ලිපිනයක්

සරෝජගේ කඳුලු වලට තිතක්.. 50කට ලිපිනයක්

කදුකරයේ සිහින සැබෑ කරමින් පූනාගල ප්‍රදේශයේ ඉදිකළ ‘නොවෝදයාගම’ නිවාස ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (28) දින ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

එම ප්‍රදේශයේ කබරගල කන්ද නායයාම හේතුවෙන් වසර තුන හමාරකට ආසන්න කාළයක් අවතැන්ව සිටි පවුල් 50ක් සඳහා රජය විසින් ඉදිකිරීම ආරම්භ කළ මෙම නව නිවාස 50ක ව්‍යාපෘතිය මේ වනවිට අවසන් කර ඇත.

වත්මන් රජය යටතේ ඔවුන්ට පර්චර් 10 බැගින් වූ ඉඩමක වර්ග අඩි 550කින් යුත් අංග සම්පූර්ණ නිවාස 50ක් ප්‍රදානය කිරීමට නියමිත අතර එක් නිවසක් සඳහා රජය රුපියල් ලක්ෂ 32ක පමණ මුදලක් වැය කර ඇත.

✕
⌃ News
📰 Free News Subscription?