ශ්‍රී ලංකාවට ඇතුළුවන විදෙස් සංචාරකයින් හරහා රට තුළ යළිත් කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම වෙනුවෙන් නව මාර්ගෝපදේශ නිකුත් කිරීමට සංචාරක අමාත්‍යාංශය පියවර ගනී.
ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම විදෙස් සංචාරකයින් කොවිඩ් එන්නත් කාඩ්පත් ළඟ තබාගත යුතු බවත් එන්නත් ලබානොගත් සංචාරකයින් පැමිණීමට පැය 72කට පෙර ලබාගත් PCR වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවද සදහන් කරයි.