හෙට කඩාකප්පල්කාරී ක්‍රියාවකට සැලසුමක්.. දයාසිරි දැඩි ආරක්ෂාවක් ඉල්ලයි.!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අවධාරණය කර සිටියේ නිදහස් පක්ෂයේ නිත්‍යානුකූල මහ ලේකම්වරයා ලෙස කටයුතු කිරීමට අධිකරණය මගින් තමාට බලය පවරා ඇති හෙයින් ඊට එරෙහිව බාධා නොකරන ලෙසයි.

තමා හෙට (05) දිනයේ පෙරවරු 9.30ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී වැඩ බාර ගන්නා බව පැවසූ ජයසේකර මහතා ආණ්ඩුවේ පිරිස් බලය යොදා ගෙන එය කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත් සූදානම් බව පැවසීය.

නිදහස් පක්ෂ මූලස්ථානය කිසිවකුට අයත් බූදලයක් නොවන බව පැවසූ ලේකම්වරයා තමාට සහ තමා සමග එහි පැමිණෙන පිරිස වෙනුවෙන් දැඩි ආරක්ෂක විධිවිධාන සලසන ලෙස පොලිස්පතිවරයාට කොට්ඨාසය භාරය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ මරදාන පොලිස් ස්ථානාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති බවද පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, කිසිවකට බිය නොවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන සියලු දෙනාම මෙම අවස්ථාවට පැමිණෙන ලෙස තමා ගෞරවයෙන් ආරාධනා කරන බවයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close