ට්‍රම්ප්ගේ නඩු විභාගය අතරතුර පුද්ගලයෙක් ගිනි තබාගනී.!

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි නඩු විභාගය පැවැත්වෙන මෑන්හැටන් උසාවිය ඉදිරිපිටදී පුද්ගලයෙකු තමන්ගේ ශරීරයට ගිනි තබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පුද්ගලයා දියරයක් ඇඟට ගල්වා ගනිමින් මෙම ගිනිතබා ගැනීම සිදුකරගෙන ඇති අතර එලෙස ගිනි තබාගැනීමට හේතුව නොදන්නා බවද පොලීසිය සදහන් කරයි.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජූරි සභාවට ඉදිරිපත් වන අවස්ථාවේදී මෙම ගිනි තබා ගැනීම සිදුකර ගෙන ඇති අතර හිටපු ජනාධිපතිවරයා සිද්ධිය අතරතුර පිටව ගොස් ඇත.

නඩු විභාගය හේතුවෙන් උසාවියෙන් පිටත දැවැන්ත පොලිස් ආරක්ෂාවක් යොදවා තිබු අතර පුද්ගලයාගේ සිරුර දරුණු ලෙස පිළිස්සී තිබුණු බවත් ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගතකළ බවද සදහන් කරයි.

එරට වේලාවෙන් 13.30ට මෙම පුද්ගලයා ගිනි තබාගෙන ඇති අතර ගින්න නිවා දැමීමට උදව් කළ NYPD නිලධාරීන් තිදෙනෙකු සහ එක් අධිකරණ නිලධාරියෙකු සුළු තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close