ඥාණසාර හිමි බරපතල වැඩ සහිතව සිපිරි ගෙට.!

2016 වසරේ කොළඹදී පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් අතරතුර කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය හේතුවෙන් ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් සිදුකිරීම ‍යන චෝදනාව යටතේ ඥාණසාර හිමියන්ට එරෙහිව මෙම නඩුව පැවැත්වුණි.

ඥානසාර හිමිට එරෙහිව නීතිපතිවරයා විසින් පනවා තිබූ නඩුවක අධි චෝදනා දෙකටම වරදකරු කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් උන්වහන්සේ හට වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කළේය.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close