මේ රටට දැනෙන සේවාවක් කරපු සහ රට බේරගත්ත මහින්ද රාජපක්ෂට නින්දා අපහාස කළ බවත් ඔහුට නාකි මයිනා කියලා බැන්න බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කරයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කළේ,
“මේ රටට වැඩ කරපු අවුරුදු 76ක් මේ රටට යම් සේවාවක්, පවතින සේවාවක්, දැනෙන සේවාවක් කරපු නායකයින්ට නින්දා අපහාස කෙරුවා. මේ රට බේරගත්ත මහින්ද රාජපක්ෂ මහත්තයාට නින්දා අපහාස කෙරුවා.
‘නාකි මයිනා’ කියලා බැන්නා. මේ රටට නිදහසේ හුස්ම ගන්න, නිදහසේ හුස්ම ගන්න උපන් නූපන් දරුවන්ට රටක් හිමිකරලා දුන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා. ඒ මහින්ද රාජපක්ෂ මහත්තයාට දොස් කිවුවා, නින්දා අපහාස කෙරුවා.
රට වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් පෙනී හිටපු ගොවියා, කම්කරුවා, වැඩකරන ජනතාව හැම අංශයකටම නින්දා අපහාස කෙරුවා. නින්දා අපහාස කරලා කිවුවා, ඒගොල්ලන්ට විතරයි මේ රට ගොඩගන්න පුළුවන් කියලා.”
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජන හමුවක් අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ බව සඳහන් කරයි.
