අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු පැවරීමට තීරණය කළ බව පොලීසිය සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුර පැවති ජනරැලියක් අමතමින් විමල් වීරවංශ විසින් අධිකරණ නියෝගය විවේචනයට ලක් කරමින් සිදුකරනු ලැබු ප්‍රකාශයට අදාළව අභියාචනාධිකරණයේ නඩු පැවරීමට තීරණය කර ඇත.
අධිකරණයට අපහාස කිරීමට අදාළව විමර්ශනයක් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක බෝදරගම විසින් පොලිස්පතිවරයාට කරන ලද ලිඛිත නියම කිරීමකට අනුව විමර්ශනයක් ආරම්භ කළේය.
රැලිය සංවිධානය කරන ලද පුද්ගලයන්ගෙන් හා නිවේදකයන්ගේ, මාධ්‍යවේදින්ගෙන්, ආරක්ෂාව සඳහා යොදවන ලද පොලිස් නිලධාරින්ගෙන්, ක්‍රීඩා පිටිය අවට ප්‍රදේශවාසීන්ගෙන්, ශබ්ද විකාශන යන්ත්‍ර සපයන ලද පුද්ගලයාගෙන් හා මෙම නඩුකරයට අදාළ සියලු සාක්ෂි සටහන් කරමින් දීර්ඝ විමර්ශනයක් සිදුකර ඇත.

