පොදු ප්‍රවාහනයට සුබවාදී වෙනසක්

LIVE

පසුගිය අප්‍රේල් (21) වැනිදා බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ බස් සේවාව සමඟ මාකුඹුර Park & Ride පහසුකම භාවිත කරන වාහන සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි.

2026 පළමු හා තෙවන කාර්තු සංසන්දනය කිරීමේදී, පළමු කාර්තුවේ සමස්ත වාහන සංඛ්‍යාව 34,284ක් වූ අතර තෙවන කාර්තුවේදී එය 53,129ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව, කාර්තු දෙක අතර වාහන සංඛ්‍යාවේ 54.97%ක වර්ධනයක් වාර්තා වී ඇති අතර වසරේ මුල් කාර්තුවේ දෛනික සාමාන්‍යය 380ක් වූ අතර තුන්වන කාර්තුව වනවිට එය 590ක් දක්වා ඉහළ ගොස් ඇත.

පෞද්ගලික වාහන භාවිත කරන ජනතාවට තම දෛනික ප්‍රවාහන අවශ්‍යතා සඳහා සුවපහසු, ආරක්ෂිත සහ විශ්වාසනීය පොදු ප්‍රවාහන සේවාවක් තෝරා ගැනීමට අවස්ථාව සැලසී ඇත.

0 Comments
Most Voted
Newest Oldest
✕
⌃ News
📰 Free News Subscription?