විශේෂ සුබ පැතුම් පතක් මුද්‍රණය කර, මාතර දිස්ත්‍රික්කයේ විහාරාධිපති හිමිවරුන් වෙත කතානායක මහින්ද යාපා අබේවර්ධන යැවිමට කටයුතු කර ඇත.
එම සුබ පැතුම් පත් හතරක්ම තමන් වහන්සේ වෙත ලැබුණු බව බෙලිවත්ත, කොට්ටගොඩ ශ්‍රී සුදර්මාශ්‍රමයේ විහාරාධිපති පූජ්‍ය බුද්දියාගම ධම්මසේන හිමි පවසයි.
මූල්‍යමය අර්බුදයක පවතින මොහොතක මෙම සුබ පැතුම් පත් මුද්‍රණය කර මුදල් නාස්ති කිරීම් අනුමත කළ නොහැකි බව පූජ්‍ය බුද්දියාගම ධම්මසේන හිමි ෆේස්බුක් සටහනක් තබමින් සඳහන් කරයි.
