සේවකයින් සඳහා වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ යුතු බවට නීතියක්.!

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ වැටලීම් කටයුතු සඳහා නිලධාරීන් 1500ක් ‍යෙදවීමට තීරණය කලබව බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළේ, රට පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 365 ආවරණය වන පරිදි මෙම වැටලීම් ක්‍රියාත්මක කිරීමට දැනටමත් පියවර ගෙන ඇති බවයි.

හෝටල්, ආපනශාලා, බේකරි ඇතුලු වෙනත් ආහාර නිෂ්පාදන ආයතන මේ හරහා විශේෂ පරීක්ෂාවට ලක් කෙරෙනු ඇති බව සදහන් කරමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ,මොන යම් හෝ බෝ වන රෝගයකින් නොපෙළෙන බවට වන වෛද්‍ය සහතිකයක් සියලුම ආහාර පරිහරණ ආයතන සේවකයින් සතුව තිබිය යුතු බවත්. එසේ නොමැති ස්ථාන සදහා නීතිය ක්‍රියාත්මක කර මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන බවත්ය.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close