මත්තල සහ හිල්ටන් පිටරට්ටුන්ට ලබාදීම පිළිබඳ නාමල් කිපෙයි.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ රාජ්‍ය දේපළ ප්‍රතිව්‍යුහගත හෝ විකිණීම සිදු කරන්නේ නම් ඒ සදහා ඉදිරිපත් වන සමාගම් හෝ පුද්ගලයින් පිලිබදවත් ඔවුන්ට එම රාජ්‍ය ආයතන ලබාදීම සදහා සලකා බලනා නිර්නායකයන් මොනවාදැයි වහාම රටට හෙලිකරන ලෙසයි.

නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා සිටියේ මත්තල ගුවන් තොටුපොළ සහ හිල්ටන් හෝටලය ප්‍රතිව්‍යුහගත කරනවා නම් ඒ සඳහා ආයෝජනය කිරීමට පැමිණි සමාගම් විසින් අනුගමය කල ක්‍රියාපටිපාටිය කුමක්ද යන වගත්, සලකා බැලූ නිර්නායක මොනවාදැයි යන්නත් රටට හෙලිදරව් කළයුතු බවයි.

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරනවා නම් වඩාත් පාරදෘශ්‍ය හා විනිවදභාවයකින් යුතුව එම කටයුතු සිදුකළ යුතු බවත් ඔහු අවධාරණය කළේය. 

එමෙන්ම, පාරදෘශ්‍ය නොවන හදිසියේ සිදු කරන ගනුදෙනුවලට තමා විරුද්ධ බවත් නාමල් රාජපක්ෂ සඳහන් කළේය.

කිසිමවිටක රාජ්‍ය ආයතන විකිණීම තමන්ගේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිය නොවන බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසුවා. 

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close