පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා සියලුම දේ එළඹෙන අප්‍රේල් මස (04) වනදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අද (28) මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් තමන් දන්නා බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුව අධිකරණයට කැඳවා ප්‍රකාශයක් ගන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කර ඇත.