අරුම පුදුම සහෝදර ප්‍රේමය..නංගිගෙන් කප්පම් ගත් අක්කා.!

නැගණියගේ දරුවන් මරා දමන බවට තර්ජනය කරමින් එක කුස උපන් සහෝදරිය විසින් රුපියල් ලක්ෂ දහයක කප්පම් ඉල්ලූ පුවතක් කොට්ටාව ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙලෙස බාල සහෝදරියගේ දරුවන් මරා දමන බවට තර්ජන කරමින් කප්පම් ඉල්ලූ බව කියන අක්කා (46) හා ඇගේ අනියම් සැමියා (23) කොට්ටාවේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.

පැමිණිලිකාරිය ගේ සැමියා ඇමරිකාවේ රැකියාවේ නිරත වන අතර ඇගේ අක්කාත් අනියම් සැමියාත් අදාල කප්පම් මුදල ලබාගන්න අවස්ථාවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close