රාජගිරියේ උණුසුම් තත්ත්වයක්.. වෛද්‍යවරු සහ පොලීසිය ගැටෙයි.!

මීට සුළු මොහොතකට පෙර රාජගිරිය ප්‍රදේශයේදී ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය විසින් සංවිධානය කළ තිබූ විරෝධතාවයක් අතරතුරදි එම විරෝධතාවයේ රැඳී සිටි පිරිස සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් හට ගත්තේය.

එහිදී අදහස් දක්වමින් වෛද්‍යවරුන් පවසා සිටියේ ‍ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ වෛද්‍යවරු හැටියට වසර 27ක් තිස්සේ වැටුප් විෂමතාවයකින් පීඩා විඳින බවත් ඒ සඳහා විසඳුම් ඉල්ලා බලධාරීන් වෙත කෙතරම් දැනුවත් කිරීම් කර තිබුණත් ඊට සාධාරණ විසඳුමක් මේ වනතෙක් ලැබී නොමැති බවයි.

උද්ඝෝෂණයේ නිරත පිරිස පවසා සිටියේ පවතින ආර්ථිකය සහ උද්ධමනය හේතුවෙන් වෛද්‍යවරුන් ආර්ථිකමය වශයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවත් ඒ සඳහා ජය විසින් නිසි විසඳුම් ලබාදෙන තුරු අඛණ්ඩ උද්ඝෝෂණ ව්‍යාපාරයේ නිරත වන බවත්ය.

කෙසේ වෙතත් එහිදී එම ස්ථානයට පැමිණි පොලිසියේ ඉහළ නිලධාරීන් පිරිසක් එම විරෝධතාවය රැඳී සිටින පිරිසට බාධා කළ අතර පොලීසිය විසින් විරෝධකරුවන් විසින් රැගෙන විත් තිබූ මෙට්ට පැදුරු ආදිය පොලිස් භාරයට ගැනීමේදී විරෝධතා කරුවන් සහ පොලීසිය අට්ගර උනුසුම් තත්ත්වයක් ඇතිවිය.

කෙසේවෙතත්, පොලිසි විරෝධතාකරුවන්ට පවසා සිටියේ මංමාවත් පනත යටතේ පදික වේදිකාව අවහිර කිරීම නීති විරෝධී බවත් පදික වේදිකාව අවහිර කිරීම හේතුවෙන් මෙලෙස විරෝධතාවය විසුරුවා හැරීමට කටයුතු කරනවා බවත්ය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close