LIVE
අසනීප තත්ත්වයක් හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා සිංගප්පූරුවට ගොස් සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ දිවයිනට පැමිණ ඇත.
ශිරන්ති රාජපක්ෂ මලයාසියාවේ සිට MH 179 දරණ ගුවන් යානයෙන් රාත්‍රි 11.26ට පමණ දිවයිනට පැමිණ ඇත.
“සිරිලිය සවිය” අරමුදලට සම්බන්ධ ගිණුමේ සිදුවූ බව පැවසෙන මූල්‍ය අක්‍රමිකතා හා මුදල් ගනුදෙනු සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම ශිරන්ති රාජපක්ෂට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් පසුගියදා කැඳවීමක් කළේය.
ඒ අනුව නැවතත් මෙරටට පැමිණි ශිරන්ති රාජපක්ෂ තවත් දින කිහිපයකින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නියමිත බව වාර්තා වේ.
