නලින්ද ජයතිස්ස

එක්කෝ විවාදෙට සජිත් බයයි නැතිනම් සජිත් එනවට පක්ෂෙ බයයි.. පොඩි උන් ඉදිරියේ පුරසාරම් නොදොඩා වැඩේට එන්න.!

එක්කෝ විවාදෙට සජිත් බයයි නැතිනම් සජිත් එනවට පක්ෂෙ බයයි.. පොඩි උන් ඉදිරියේ පුරසාරම් නොදොඩා වැඩේට එන්න.!

මහ­නු­ව­රදී ඊයේ (16) මාධ්‍ය හමුවේ අද­හස් දක්ව­මින් ජාතික ජන බල­වේ­ගයේ විධා­යක සභික, හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජය­තිස්ස විපක්ෂ නාය­ක­ව­ර­යාට දැනුම් දුන්නේ, විවා­දය සඳහා මැයි 20 වැනි­දාට පෙර දින­යක් නොදෙන්නේ නම් ඈත ගම්මල ප්‍රාථ­මික පාස­ල්වල කුඩා දරු­වන් ඉදි­රි­යට ගොස් විවා­දය ගැන තව­දු­ර­ටත් පුර­සා­රම් නොදො­ඩනා ලෙසයි.

සමඟි ජන බල වේගය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ සජිත් විවා­ද­යට බය නිසාද නැත හොත් සජිත් විවා­ද­යට එන­වාට සජබ මන්ත්‍රී­ව­රුන් බය නිසාද යන්න තේරුම් ගැනී­මට නොහැකි බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

ජාතික ජන බල­වේ­ගය විසින් පසු­ගිය අප්‍රේල් 25 දින කියා සිටියේ, මැයි 20ට පෙර ඕනෑම දින­යක අනුර කුමාර දිසා­නා­යක සජිත් සමඟ විවා­ද­යට සූදා­නම් බව ලිඛි­තව දැනුම් දුන් නමුත් විවා­දය සඳහා තවත් දින 2ක් පම­ණක් ඉති­රිව තිබි­ය­දීත් ඔවුන්ගේ නිහඬ බවෙන් පෙනී යන්නේ සජබ විවා­දය මඟ­හ­රිනා ආකාරය බවත්ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය නලින්ද ජය­තිස්ස කියා සිටියේ, සජබ ආර්ථික වැඩ­පි­ළි­වෙළ සම්බ­න්ධව ඔවුන්ගේ සාමා­ජි­ක­යන් අත­රද පර­ස්ප­රතා තිබෙන බවත්, විදුලි බල මණ්ඩ­ලය පෞද්ග­ලී­ක­ර­ණය කිරී­මට ඉරාන් ලා පක්ෂ වෙද්දී තවත් අය විරුද්ධ වීමෙන් එය පෙනීයන බවත් ය.

ඉදි­රි­යේදී එලඹෙන්නේ ජනාධිපතිවරනයක් හේතුවෙන් වඩා වැද­ගත් වන්නේ අපේ­ක්ෂ­ක­යන් අතර විවා­ද­යක් පැවැ­ත්වීම බවත් විපක්ෂ නාය­ක­ව­රයා විවා­ද­යෙන් පැන ගොස් පාසල් දරු­වන් ඉදි­රි­පිට ආඩ­පාලි දොඩ­වන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය. .

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close