පාස්කු

මෛත්‍රී, පූජිත සහ හේමසිරි කෝටි අටක් පාස්කු වන්දි ගෙවා අවසන්.!

මෛත්‍රී, පූජිත සහ හේමසිරි කෝටි අටක් පාස්කු වන්දි ගෙවා අවසන්.!

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් පසුගිය ජුනි 19 වැනිදා රුපියල් මිලියන 05ක් සහ පසුගිය ජුනි 26 වැනිදා රුපියල් මිලියන 15ක් ලෙස රුපියල් මිලියන 20ක මුදලක් ‘පාස්කු ප්‍රහාරය අප්‍රේල් 2019 – වින්දිත අරමුදල’ යන නමින් ස්ථාපිත අරමුදල සඳහා බැර කර තිබේ.

මේ වනවිට හේමසිරි ප්‍රනාන්දු විසින් ගෙවීමට නියමිත රුපියල් මිලියන 50ක මුදලින් අවස්ථා 6දී රුපියල් මිලියන 26ක් ගෙවා අවසන් කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අවස්ථා 03කදී රුපියල් මිලියන 43ක් අරමුදල වෙත බැර කර ඇති අතර, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර රුපියල් 1,725,588.87ක්, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන රුපියල් මිලියන 4.1ක්ද මේ වනවිට ගෙවා අවසන් බව පැවසේ.

පාස්කු ප්‍රහාරය සඳහා චෝදනා ලැබූ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතාද පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ලෙස ගෙවීමට නියමිතව තිබූ රු.මි.10ක මුදල මේ වන විට ගෙවා අවසන් කර ඇත. 

මේ වනවිට, මෙම අරමුදල සඳහා රුපියල් 84,825,588.87ක මුදලක් බැරවී ඇති බව වාර්තා වේ.

Loading

පොසොන් උත්සවයදා පාස්කු ප්‍රහාරය වැනි සිදුවීමක් ගැන ප්‍රභල අනාවරණයක්.!

පොසොන් උත්සවයදා පාස්කු ප්‍රහාරය වැනි සිදුවීමක් ගැන ප්‍රභල අනාවරණයක්.!

ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැඟුණවැවේ ධම්මරතන හිමිපාණන් විසින් පෙරේදා (10) ඌව සහ මධ්‍යම පළාත්වල හිටපු ආණ්ඩුකාරවරයෙකු වන නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා මිහින්තලා රජමහා විහාරස්ථානයේදී උන්වහන්සේ බැහැදැක සිදු කළ සාකච්ඡාවකදී ඉතා බරපතළ ප්‍රකාශයක් සිදුකර ඇති බව වාර්තා වේ.

උන්වහන්සේ එහිදී කියා සිටියේ පාස්කු ප්‍රහාරය වැනි යම් සිද්ධියක් පොසොන් උත්සවය ඉලක්ක කර ගනිමින් ඓතිහාසික මිහින්තලා පුදබිම තුළදී සිදු වුවහොත් ඊට වගකිවයුත්තන් එල්ලා මැරීම නොව, මෝරුන්ට කෑමට දැමිය යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය වලවා හැඟුණවැවේ ධම්මරතන හිමිපාණන්

“මෙවර ලක්ෂ විස්සක පමණ ජනතාවක් අනුරාධපුරයට මිහින්තලයට පැමිණෙතැයි අපේක්ෂා කරනවා. නමුත් මේ වන තෙක් කිසිදු ආරක්ෂක හමුදා නිලධාරියෙක් මිහින්තලේ ආරක්ෂාවට කැඳවලා නැහැ.

ආණ්ඩුවට මාව ත්‍රස්තවාදියෙක් විදියට පේන නිසා ජීවිත හානියක් වුණත් සිදු කරන්න පුළුවන්. මාව මරන්න පසුගිය කාලයේ සැලසුම් තිබුණා දැනටත් තිබෙනවා.

කොහොම වෙතත් රටේ ජනතාවට සීරීමක්වත් වෙන්න බෑ. මේ තමයි රටේ ජනතාවගේ ප්‍රථම උත්සවය. මේ රටේ මිහිඳු හාමුදුරුවන්ගේ දහම ඉගෙන ගත්ත කිසිවෙක් පාර්ලිමේන්තුවේ නැහැ. එහෙම ඉන්නවානම් පොසොන් පින්කමට මේ තරම් අරියාදු කරන්නේ නැහැ. මෙය ජනතාවගේ පින්කමක්. පාලකයෝ මේවා කළ යුතුයි.

අඩුම තරමේ එළාර රජතුමාගේ කාලෙවත් මෙහෙම වෙලා නෑ. රජ කාලෙත් මේ පින්කම් කරල තියෙනවා. අනගාරික ධර්මපාලතුමා කිව්වා වගේ පර සුද්දෝ තමයි දැන් ලංකාව පාලනය කරන්නේ. උන්ට ආගමක් දහමක් නෑ. හැමෝම පාර්ලිමේන්තුවේ ගහ ගන්නවා. කතා කරන්නේ බලය ගන්න විදිහ ගැන විතරයි.

මෙහිදී මධ්‍යම හා ඌව පළාත්වල හිටපු ආණ්ඩුකාරවරයකු වන මෛත්‍රී ගුණරත්න පැවසූවේ කැපවීමක් ඇති පුද්ගලයන් පාර්ලිමේන්තුවට පත්වුවහොත් මාස හයකින් රට ගොඩනැගිය හැකි බවත් ඊට සියලු කණ්ඩායම් එකට එකතු වියයුතු බවත් රට පවත්වාගෙන යෑමට විනයගරුක පාලනයක් රට තුළ තිබියයුතු බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close