ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සඳහා ඉලක්කගත මූල්‍ය සම්බාධක (Targeted Financial Sanctions – TFS) ක්‍රියාත්මක කිරීම ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමේ ප්‍රධාන මෙවලමක් ලෙස භාවිතා කරයි.
ත්‍රස්තවාදයට හෝ ත්‍රස්තවාදයට මුදල් සැපයීමට සම්බන්ධ යැයි සාධාරණ හේතු මත විශ්වාස කරන පුද්ගලයින් හෝ සංවිධාන වල මූල්‍ය සහ මූල්‍ය නොවන වත්කම් ක්‍රියා විරහිත කිරීම මෙහි අරමුණ වේ.
මෙම ඉලක්කගත මූල්‍ය සම්බාධක, 1968 අංක 45 දරන එක්සත් ජාතීන්ගේ පනත යටතේ බලාත්මක කරන ලද 2012 අංක 01 දරන රෙගුලාසිය මඟින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාව 1373 (2001) අනුව ක්‍රියාත්මක වේ.
ගැසට් නිවේදනයක් මඟින් යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් නම් කළ පසු, ඔවුන්ගේ බැංකු ගිණුම්, මූල්‍ය ගනුදෙනු සහ වාහන, ඉඩම්, නිවාස, රන් ආභරණ ඇතුළු දේපල භාවිතය, විකිණීම හෝ මාරු කිරීම සම්පූර්ණයෙන් තහනම් කෙරේ.
මෙම සම්බාධක නිකුත් කිරීමේ බලය විදේශ කටයුතු අමාත්‍යවරයා සතු වන අතර, පරිපාලන හා මෙහෙයුම් කටයුතු සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා “නිසි බලධාරියා” ලෙස පත් කර ඇත. සියලුම නම් කිරීම සහ වත්කම් ක්‍රියා විරහිත කිරීමේ තීරණ, පවතින සාක්ෂි සහ ජාතික ආරක්ෂක අවශ්‍යතා මත පදනම්ව ගනු ලබයි.
ඉලක්කගත මූල්‍ය සම්බාධක මඟින් ත්‍රස්තවාදය මුලින්ම වැළැක්වීම, මූල්‍ය පද්ධතිය ආරක්ෂා කිරීම සහ එක්සත් ජාතීන් හා මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකායේ (FATF) ජාත්‍යන්තර බැඳීම් ඉටු කිරීම සහතික කෙරේ.
මහජන දැනුවත්භාවය සහ විවෘතභාවය වර්ධනය කිරීම සඳහා නිසි බලධාරි කාර්යාලය විසින් www.competentauthority.gov.lk වෙබ් අඩවියද හඳුන්වා දී ඇත.
ඉලක්කගත මූල්‍ය සම්බාධක සඳහා වූ නීතිමය හා පරිපාලන රාමුව ශක්තිමත් කිරීම මඟින් සහ. ඒ සම්බන්ධ තොරතුරු මහජනතාවට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ලෙස සැපයීම මඟින්, ශ්‍රී ලංකාව සිය සාමය, ස්ථාවරත්වය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ඇති කැපවීම තහවුරු කරන අතර මහජනතාවට දැනුවත් වීම සහ අවධානයෙන් කටයුතු කිරීමට ද උනන්දු කරයි.

