මෛත්‍රී වරද පිළිගනී.. වහාම අත්අඩංගුවට ගන්න.. වසර 7ක් හිරේට.?

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ඉදිරියටත් ගෙන යනවා ද තවත් අය අත්අඩංගුවට ගන්නවා ද නඩු පවරනවා ද යනාදි වශයෙන් තීරණය කළ හැකි බවත් හිටපු ජනපති සිරිසේන දැනටමත් තමන් වරදක් කල බවට පිලිගෙන ඇති බවද පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල සදහන් කරයි.

පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල තවදුරටත් සදහන් කළේ,

” ත්‍රස්ත ක්‍රියාවක් පිළිබඳ තොරතුරු සැඟවීම පිළිබඳ ජනපති සිරිසේනව අත්අඩංගුවට ගන්න කියලා අපි කිව්වාම පොලිසියෙන් කියනවා අපේ ප්‍රකාශ පදනම් විරහිතයි. නීතිය අනුව එහෙම අත්අඩංගුවට ගන්න බෑ. සිරිසේන මහතාගේ ප්‍රකාශයක් අරගෙන ප්‍රකාශයෙන් හෙලි වෙන කරුණු අනුව තමයි ඒක කරන්න වෙන්නේ කියලා. ඒක වැරදියි.

ඔහු ලබා දෙන ප්‍රකාශය අනුව පාස්කු ප්‍රහාරයේ විමර්ශන ඉදිරියටත් ගෙන යනවා ද තවත් අය අත්අඩංගුවට ගන්නවා ද නඩු පවරනවා ද යනාදි වශයෙන් තීරණය කළ හැකියි. ඒ අනිත් අය ගැන. නමුත් ජනපති සිරිසේන දැනටමත් තමන් වරදක් කලා කියලා පිලිගෙන ඉවරයි. ඔහු ඉතාම පැහැදිලිව කියනවා පාස්කු ප්‍රහාරය කලේ කවුද කියලා මම දන්නවා.

අධිකරණ නියෝගයක් ලැබුණොත් පමණක් මම හෙලි කරනවා කියලා. අපරාධයක් පිළිබඳ තොරතුරු දන්නා අය ඒක හෙලි කරන්නේ පොලිසියට මිස අධිකරණයට නොවේ. අධිකරණය ඉන්නේ විමර්ශන කරන්න නොවේ. උසාවියට ඉදිරිපත් කළ චුදිතයින් වැරදිකරු ද නිවැරදිකරු ද කියලා තීරණය කරන්න. විමර්ශනය කරන්නේ පොලිසිය. අපරාධයක් පිළිබඳ තමන් තොරතුරු දන්නවා නම් වහාම ඔහු පොලිසියට ඒ තොරතුරු හෙලි කළ යුතුයි. නැතිනම් එය දඬුවම් ලැබිය හැකි වරදක්. කොහෙද ඒක තිබෙන්නේ.?

1979 ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ පස්වන වගන්නතිය. ත්‍රස්තවාදී ක්‍රියාවක් පිළිබද තොරතුරක් හෝ ඒ පිළිබද තොරතුරක් දන්න කෙනෙක් ගැන තොරතුරක් හෝ දැන ගෙන එය පොලීසියට ඉදිරිපත් නොකර සිටීම මේ පනත යටතේ වසර හතක් දක්වා බරපතල සිරදඩුවම් ලැබිය හැකි වරදක්.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිතුමන් ත්‍රස්ත ක්‍රියාව ගැන තොරතුරු තමන් ලග තියාගෙන එය පොලීසියට දෙන් නෑ කීම හරහා එතුමන් හත්වසරක් හිරේ යන්න වරදක් කරලා තියෙනවා. පොලිස්පත්තුමනි නීතිය පැහැදිලියි. දැන්වත් ගිහිල්ලා මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමන්ව අත්අඩංගුවට අරගන්න. එය පොලීසිය සතු පැහැර හරින්න බැරි වගකීමක්.”

පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මේ බව සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close