රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍ර සඳහා රැගෙන ගිය රුපියල් කෝටි 3.5ක මුදලක් පුද්ගලයෙක් විසින් අද (03) දින කොල්ලකා ඇති බව පොලිසිය සඳහන් කරයි.
අද ප.ව. 2.55ට පමණ බැංකු සේවකයෙකු, බැංකුවේ පිටුපස දොරින් අත් දෙකට මුදල් මලු දෙකක් රැගෙන යන අවස්ථාවේ පුද්ගලයෙකු පැමිණ මෙම මුදල් මලු දෙක බලහත්කාරයෙන් කොල්ලකා පලාගොස් ඇත.
මුදල් පැහැරගත් පුද්ගලයා පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර මේ සම්බන්ධයෙන් හොරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
