LIVE
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා නියෝජනය කරන මහා සංඝරත්නය අතර සාකච්ඡාවක් අද (08) දිනයේ පැවැත්වීමට නියමිතය.
ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා විසින් අධිකරණ තීන්දුවක් ප්‍රකාරව බන්ධනාගාර ගත කෙරුණු ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ගිහි වස්ත්‍ර සහිතව අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කිරීමට අදාළව මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.
ඒ අනුව අදාළ සාකච්ඡාව අද දින පස්වරු 1.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර අන්ඳවා අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ඊයේ (07) දින ලිඛිත දැනුම්දීමක් සිදුකරනු ලැබීය.

