බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ බන්ධනාගාර වෛද්‍යවරයාට ඉදිරිපත් කර ඇත.
ඒ අනුව ශිරන්ති රාජපක්ෂගෙන් මුලික වෛද්‍ය පරීක්ෂණ සඳහා අවශ්‍ය සාම්පල ලබාගත් බව වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත සඳහන් කරයි.
මේ වනවිට ශිරන්ති රාජපක්ෂ කාන්තා රැඳවුම් අංශයේ රෝගීන් රඳවන ස්ථානයේ රඳවා ඇති බවද වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.
මේ අතර ශිරන්ති රාජපක්ෂගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ (08) දින වැලිකඩ බන්ධනාගාරයට පැමිණි අතර අනතුරුව ඉතා දුක්බර මුහුණින් පිටව ගියේය.
බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් වෙත ඇයව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඉදිරි දිනයකදී ජාතික අක්ෂි රෝහල වෙත ඇයව යොමු කරන ලෙසට නිර්දේශ ලැබී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලෙතැන්න සඳහන් කරයි.
රුපියල් මිලියන 10ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශිරන්ති රාජපක්ෂ ලබන (13) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

