අධිකරණයට අපහාස කිරීමේ චෝදනා වලට වැරදිකරු වු ගලගොඩඅත්තේ ඥානසාර හිමිට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාල සීමාව ක්රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (05) නියම කළේය.
අත්අඩංගුවට ගත් ඥානසාර හිමි බන්ධනාගාර නිලධාරීන් විසින් අද (05) අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ඥානසාර හිමිට පණවනු දඬුවමේ ඉතිරි කාලය ක්රියාත්මක කිරීමට අවශ්ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත නියම කළේය.
වරෙන්තු නිකුත් කර තිබියදී අධිකරණය මගහරිමින් සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමි කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් පසුගිය (03) රාත්රියේ තීනියාවල ආරණ්ය සේනාසනයක සැගවී සිටියදී අත්අඩංගුවට ගත්තේය.
අත්අඩංගුවට ගත් ගලගොඩඅත්තේ ඥානසාර හිමි කොළඹ මහේස්ත්රාත් අධිකරණය වෙත ඊයේ (04) දින ඉදිරිපත් කළේය.
අධිකරණයට ඉදිරිපත් කළ ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (05) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය ඊයේ (04) නියම කළේය.
