මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ බන්ධනාගාර වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව බන්ධනාගාර වෛද්‍යවරයාගේ උපදෙස් මත ඉදිරි කටයුතු සිදුකරන බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොළඹ නවලෝක රෝහලට ඇතුළත් කරන ලෙසට අධිකරණයෙන් මෙතෙක් කිසිදු නියෝගයක් ලැබී නොමැති බව බන්ධනාගාර නිලධාරීන් සඳහන් කරයි.
බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් වෙත ඇයව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඉදිරි දිනයකදී ජාතික අක්ෂි රෝහල වෙත ඇයව යොමු කරන ලෙසට පමණක් මේ වනවිට නිර්දේශ ලැබී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලෙතැන්න සඳහන් කරයි.
රුපියල් මිලියන 10ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශිරන්ති රාජපක්ෂ ලබන (13) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

