යෝෂිතගේ නඩුවට දුන් නියෝගය

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අද (04) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ කැඳවනු ලැබීය.

රුපියල් ලක්ෂ 730කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කට්ටි පහක් අයතා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.

මෙම නඩුවේ විත්තිකරු විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් ඊයේ (03) දින අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එය ජුනි මස (16) වෙනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීන්දු කළ බව නියෝජ්‍ය පොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර අධිකරණයට සඳහන් කරයි.

එදින තෙක් මෙම නඩුවේ සාක්ෂි මෙහෙයවීම නොකරන බවට පැමිණිල්ල විසින් අභියාචනාධිකරණයට දැනුම් දී ඇති බවත් ඒ අනුව මෙම නඩුවේ සාක්ෂි කැඳවීමකින් තොරව නඩුව කල්තබන ලෙසද නියෝජ්‍ය පොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර අධිකරණයට ඉල්ලා සිටියේය.

ඒ අනුව අභියාචනාදීකරණයේ තීරණය ලැබෙන තෙක් මෙම නඩුව ජූලි මස (09) වනදා දක්වා කල්තැබීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා සාක්ෂිකරුවන්ට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් නියම කළේය. 

Advertisements
Advertisements
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments