LIVE
වැඩ තහනමට ලක්ව සිටි කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ මොරටුව හිටපු දිසා විනිසුරු තිලිණ ගමගේ තනතුරෙන් නෙරපා හැරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර ඇත.
තිලිණ ගමගේට එරෙහිව එල්ලවී තිබූ සියලු චෝදනා වලට වරදකරු වීම හේතුවෙන් ඔහු තනතුරෙන් නෙරපා හැරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කළේය.
ඔහුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වශයෙන් කටයුතු කරන අතරතුර අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් හදිසියේම මොරටුව දිසා විනිසුරුවරයා ලෙස පත්කර පසුගිය 2024 වර්ෂයේ දෙසැම්බර් මාසයේ මාරුකර යවා තිබුණේය.
අනතුරුව 2025 වර්ෂයේ අගෝස්තු මාසයේ ඔහුගේ සේවය අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පියවර ගත්තේය.

