වසරකට වැඩි කාලයක් තාවකාලිකව අත්හිටුවා තිබූ වාහන අංක තහඩු මුද්‍රණය අද (08) දින සිට ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පාරිශ්‍රයේදී, අද පෙරවරු 10.00ට ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු ආරම්භ වීමට නියමිතය.
