LIVE
අද (09) දින වත්මන් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර වෙත භාරදී ඇත.
කථානායකවරයාට එරෙහි චෝදනා 50ක් මුල් කරගනිමින් මෙම විශ්වාසභංග යෝජනාව කෙටුම්පත් කර ඇති අතර එයට මන්ත්‍රීවරු 44 දෙනෙකු අත්සන් තබා ඇත.
කථානායකවරයා අනුගමනය කළ පක්ෂපාතී සහ ප්රජාතන්ත්රවාදී නොවන ක්‍රියාකලාපයන් හේතුවෙන් ඔහු එම ධුරයට නුසුදුසු බවට චෝදනා කරමින් විපක්ෂය විසින් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එයි.

