පිලිපීනයේ මින්ඩනාඕ දූපත් හී රිච්ටර් මාපකයේ ඒකක 7.8ක ප්‍රභලත්වයෙන් යුත් භූකම්පනයක් එරට වේලාවෙන් අද (08) උදෑසන 7.37ට පමණ සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම භූකම්පනය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක ගැඹුරින් සිදුව ඇති බව පිලිපීන භූ විද්‍යා ආයතනය සඳහන් කර ඇත.
ප්‍රභල භූකම්පනයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 05දෙනෙකු තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම භූකම්පනය හේතුවෙන් තවත් පසු කම්පන 138ක් වාර්තා වී ඇති අතර පිලිපීනය, ඉන්දුනීසියාව සහ ජපානය ඇතුළු රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
