හැකර්වරුන් ගත් භාණ්ඩාගාරයේ මුදල් ගැන රාජ්‍ය මුදල් කාරක සභාව මහ බැංකුවෙන් වාර්තාවක් කැඳවා ඇත.
රාජ්‍ය මුදල් කාරක සභාව (08) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත.
මහා භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් අපරාධකරුවන් විසින් සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමසා බැලීමට ඊයේ (08) එම කමිටුව රැස්විය.
මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්යය හර්ෂණ සූරියපෙරුම සහ මහ බැංකු අධිපති ආචාර්යය නන්දලාල් වීරසිංහ ද රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටියේය.
