සුරේෂ්⁣ සලේ දිනපතා බලන්න අවසර ඉල්ලයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ දිනපතා බැලීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත ලිපි 02ක් යොමුකර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සිය ස්වාමිපුරුෂයා දිනපතා බැලීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා සුරේෂ් සලේගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමු කර ඇත.

තවද සුරේෂ් සලේගේ නීතිඥ අසිත් සිරිවර්ධන ද ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සිය සේවාදායකයාව දිනපතා බැලීමට අවසර ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමු කර ඇත.

කෙසේ වෙතත් අදාළ නඩුව ඊයේ (10) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ඔහුගේ වත්මන් තත්ත්වය පිළිබඳ සලකා බලා සෑම දිනකම රෝගීන් බැලීමට ලබාදෙන කාලයේදී ඔහුගේ බිරිඳට සහ පුතාට ඔහු බැලීමට අවස්ථාව ලබාදෙමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

එහෙත් එම ඉල්ලීම ඉවත දැමූ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන සඳහන් කළේ, සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව රැඳවුම් භාරයේ ප්‍රතිකාර ලබමින් සිටින බැවින් එවැනි නියෝගයක් නිකුත් කිරීමට තමන්ට බලයක් නොමැති බවයි.

Advertisements
Advertisements
4 Comments
Most Voted
Newest Oldest