ඇහැලියගොඩ, ඇරපොල ප්‍රදේශයේදී ඊයේ (29) රාත්‍රියේ තියුණු ආයුධයකින් පහර දී 17 හැවිරිදි දරුවෙක් ඝාතනය කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
42 හැවිරිදි පුද්ගලයෙක් විසින් තියුණු ආයුධයක් භාවිතා කරමින් එම 17 හැවිරිදි දරුවා ඝාතනය කර ඇති බවද පොලීසිය සඳහන් කරයි.
ඇහැලියගොඩ ප්‍රදේශයේම පදිංචි අදාළ දරුවාගේ පවුල සහ එම සැකකරුගේ පවුල අතර යම් කාලයක පටන් ආරවුලක් පැවත ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ඊයේ (29) දින දහවල් ද ඔවුන් දෙපාර්ශවය අතර යම් ගැටුමක් ඇතිව තිබෙන අතර එම ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගත් බවද පොලීසිය සඳහන් කරයි.
ඝාතනයට ලක්වු දරුවාගේ සහෝදරිය සඳහන් කළේ,
“රෑ 10.00ට වගේ එහා ගෙදරට ඇවිල්ලා හොදටම කෑ ගැහුවා මරණවා කියලා. ඊට පස්සේ වහලෙට ගල් ගහලා, පොලු ගහලා මල්ලිට අඩගහලා කතා කරා. ඊට පස්සේ අපිත් බැන්නා. ඊට පස්සේ ගේ ඉස්සරහටම ආව. ඇවිල්ලා කෑ ගැහුවා. අපිත් එළියට ගියා ඊට පස්සේ. අපිට බනිනකොට මල්ලිත් ගියා. ඊට පස්සේ අරහෙට ඇදගෙන ගියා. ඒ පිටිපස්සේම මාත් දිවුවා. ඒත් මොනවත් කරගන්න බැරිවුණා. අරූ පිහියෙන් ඇනලා දිවුවා. මම අල්ලනකොටත් එතනම බිමට වැටුණා. මම අල්ලලා බලද්දි බඩේ කෑලි ටික එළියේ තිබුණේ.”
